ටේහියොං හිටියෙ ලෙක්චර්ස් ඉවර වෙලා ලෙක්චර් හෝල් එකෙන් එලියට ඇවිදගෙන එන ගමන්. ලෙක් ඉවර වෙලා එන ටේහියොං මූනේ ලස්සන හිනාවක් ඇදිලා තිබුනෙ එයාගෙ කුක්ව මතක් වෙලා ම වෙන්න ඇති... අද ජිමින් හිටියෙත් නැති නිසා කොල්ලා කලේම මනෝ ලෝකේ තනියෙන් පියාඹපු එක ම තමා. ටේ දන්නෙ නැති වුනාට ඒ ලස්සන විදින ලස්සන හදවත් ගොඩක් අතරෙ එක නපුරු ඇස් දෙකක් නැවතිලා තිබුනා. තේහියොං ඉස්සරහට ඇවිදං ඇවිත් පාලු කොරිඩෝ එකක් පැත්තට හැරුනෙ කැෆටේරියා එක පැත්තට යන්න. ටේ සාක්කුවේ තිබ්බ ෆෝන් එකත් අරං කෙනෙක් ට ඩයල් කරන ගමන් ඉස්සරහට ඇවිදගෙන ගියා.
" ක්....-"
ටේ ලස්සන හිනාවක් එක්ක එහා පැත්තෙන් ඇහෙන කටහඩට උත්තර දෙන්න හදන්නෙත් නොදන්නා මනුස්සයෙක් ඒ පන්ති කාමරයක් ඇතුලට එයාව ඇදලා ගන්නෙත් එකම මොහොතක. නොහිතපු වෙලාවල ටේ ඇදිලා යද්දි එයාගෙ අතින් ෆෝන් එක බිමට වැටෙන්නෙ එහා පැත්තෙ කෝල් එකේ හිටපු මනුස්සයව ගිනි ගොඩක් උඩට අතෑරලා.
" ක.... කව්ද තමුසෙ... මො.. මොකද කරන්නෙ.... ආහ්.... එහාට.... වෙ.... නවා... "
මාස්ක් එකක් දාගත්ත නාදුනන පිද්ගලයා ටේව බිත්තියට හිර කරගෙන හිටියෙ එ කෙනාගෙ මුලු ඇගම ටේගේ ඇගේ ගාවන ගමන්. ජංකුක්ගෙ නමට ම පේ වෙලා ඉන්න පුංචි සුරදූතයට දැනුනෙ ලොකු අසරණ කමක්. තමන්ට තමන්වත් ආරක්ෂා කරගන්න බැහැ.
" මේ වගේ ලස්සන රෝස මලක් මගේ ඉස්සරහ ඉද්දි කොහොමද මං අහකට වෙන්නෙ.... ආහ්... "
" මේ මේ... තමුසෙද... සෝ හියුක්...."
" වාව්.... බේබි ඔයා මාව අදුරගත්තා එහෙනං.... ම්ම්ම් "
මාස්ක් එකෙන් මූණ වහගත්ත නරුමයා සෝ හියුක් වෙද්දි ටේට දැනුනේ කියාගන්න බැරි තරමේ කේන්තියක්. මොකද ටේ දන්නවා සෝ හියුක් තමන්ට ආසයි කියලා... නැහැ ඒක පෙරේත කමක්. ටේ රස කෑමක් වෙද්දි සෝ හියුක් ඒ කෑමට කෙල පෙරන බල්ලෙක්.....
" මගෙන් අහකට වෙනවා.... සෝ හියුක්... "
" ඇයි නැත්තං... "
" තමුසෙ පසුතැවෙයි.... "
ටේ තමන්ගෙ අන්තිම තුරුම්පුව හිතමින් හිටියා සෝ හියුක්ගෙන් ගැලවෙන්න.
" හ්ම්.... රෝස මල... ඔයා ඔය කියන්න අර ඔයාගෙ මහ ලොකු ජංකුක් ගැන නං.... නෝ වේ.... මං ඌට බය නැහැ.... "
" මට යන්න දීපං... මිනිහො.... "
" ඕකේ ඕකේ... යන්න දෙන්නං මේක අහලා ඉන්න.... "
" තවත් මොනාද.... "
" රෝස මල ඔයා මගෙ වෙන්න.... හැම දේකින් ම... එතකොට අර ජංකුක්ගෙ ලයිෆ් එක සේෆ්.... "
සෝ හියුක් තමන්ගෙ කාමුක ඇස්වලින් ටේව රස විදින ගමන් ටේගෙ ඇග පුරා ඒ ජරා ඇගිලි අරගෙන ගියා.
-------------------------------
😁😁😁🙂