" මොනාද තමුසෙ කියවන්නෙ.... "
" මං කියවන්නෙ... කියවන්න ඕනි දේ.... නැත්තං පස්සට පසු තැවෙන්නෙ වෙයි.... "
" තොගෙ පස්සට තමා දැං පසුතැවෙන්න වෙන්නෙ... "
සෝ හියුක් ටේ දෙන්නට ඒ ඇහුන ගැබුරු කට හඩත් එක්ක සෝ හියුක් පිටිපස්සට හැරුනා. ඒ මොහොතේ ම සෝ හියුක්ට ලැබුනෙ තද කම්මුල් පාරක්.
ටේ බලාගෙන හිටියෙ ඇස්වල සතුට පුරවගෙන. එයාට ඕනි ම කෙනා ඕනි ම වෙලාවෙ ලග.
________
එහා පැත්තෙන් ටේගෙ හඩ නැතිවෙනවත් එක්කම කලබල වුන ජංකුක් යුංගිවත් එක්කගෙන ටේගේ ෆෝන් එකට රිං කරන ගමන් යුනි එකේ ග්රවුන්ඩ් එක හරියේ වුන පාලු පැත්තට ආවෙ සෝ හියුක් තමන්ගෙ යාලුවොත් එක්ක ඒ පැත්තට යනවා දැක්ක නිසා. යුංගි ජංකුක් දෙන්නා ආවත් හරි දෙන්නගෙ ම ලේ කෝප වුනේ පන්ති කාමරයක් ඇතුලින් ඇහුන සෝ හියුක්ගෙ හඩට. ජංකුක්ට ආවෙ සෝ හියුක්ව මරන්න තරම් කේන්තියක්.
__________
ටේ දුවලා ගිහින් ජංකුක්ව බදාගනිද්දි ජංකුක්ත් ඒ හැඩි දැඩි අත් ටේගෙ වටේ ඔතාගත්තෙ හිත පුරා දුවන ආදරේට. ජංකුක් ටේ දෙන්නා එතන බදාගෙන ආදරේ බෙදාගනිද්දි මෝඩ සෝ හියුක් ඉවසීම බිංදුවක්වත් නැති යුංගිගෙන් අම්බානෙකට ගුටි කෑවා.
" ඒ කුකා.. "
" ආහ්.. "
යුංගි නැගිටලා නහයෙන් කටින් ලේ පෙරන් ඉන්න සෝ හියුක්ව තමන්ගෙ පැත්තට හරවගත්තා.
" මූව අපේ ප්ලේස් එකට අරං යං... "
" මටත් හිතුනා... "
" හ්ම්.... උබ ටේ එක්ක පරිස්සමෙන් පලයං.... රෑ වෙලා වරෙං.. "
" හරි හියුන් "
ජංකුක් ටේවත් තුරුලු කරගෙන ක්ලාස් රූම් එකෙන් එලියට යද්දි ටේ ජංකුක්ගෙ ඇගට වාරුවෙලා මූණ දිහා බැලුවා.
" කූ.... මොකද්ද සෝ හියුක් ඒ කිව්වෙ... "
" මොකද්ද... "
" ඔයාගෙ ලයිෆ් එක සේෆ් වෙයි කිව්වෙ මම නැතුව..... අනේ කූ මට ඔයා නැතුව ඉන්න බැ.... "
ටේ ඉස්සරහට යන එක පැත්තකට දාලා ජංකුක් ඉස්සරහට ඇවිත් ජංකුක්ට තුරුලු ඇස්වලින් කදුලු කැට ගලාගෙන යද්දි. ඒ හිතට ජංකුක්ව දැං ගොඩක් ඕනි වෙලා. ජංකුක් නැති පැයක් වුනත් දැං ටේ හුස්ම ගන්නෙ අමාරුවෙන්. ජංකුක්ගෙත් කියලා වෙනසක් තිබුනේ එයා අසීමිතව තමන්ගෙ ලස්සන රෝස මලට ආදරේ කලා නොසෑහෙන්න. ඒ හිත් දෙක ගොඩක් තදට බැදිලා... කිසිම දේකට ඒ බැදීම කඩලා දාන්න බැරි තරම්...
තමන්ගෙ ඉස්සරහ තමන්ව තුරුලු කරං ඉන්න ටේව ජංකුක් තමන්ගෙන් ඈත් කරන ගමන් ඒ අඩලම රතු වුන මූණ අත් දෙකට මැදි කරගත්තා. ජංකුක් ටේ දිහා බලාගෙන හිටියෙ කියලා නිම කරන්න බැරි ආදරේකින්, ආසාවකින්, උමතුවකින්.....
" අහන්න.. මගෙන් ඔයාව හුස්මක්වත් දුරින් තියන්න කිසිම එකෙක්ට බැ... වගේ ම මේ ජංකුක්ගෙන් ඒකට ඉඩකුත් නැ... කවුරු වුනත්... මේ ජංකුක්ගෙන් මේ රෝස මලව ඈත් කරන්න හැදුවොත්.... ඒ... ඌ හුස්ම ගන්න අන්තිම විනාඩි කීපෙ වෙයි... තේරුනාද මගෙ මැණිකට... "
ජංකුක්ගෙ වචනවලට කදුලු අලුත් කරගත්ත ටේ ඒ පුලුල් පපුවෙ මූණ හංගගත්තා.
තමන් අවට අමුතු දෙයක් සිද්ද වෙන බව ජංකුක්ට නොදැනුනා ම නෙවෙයි. ඒත් ජංකුක් හැංගුවා ඒ හැමදේ ම ටේගෙන්. ටේගෙ ඇස්වල කදුලු දකින්න තිබුන අකමැත්තට.