🐱 Chapter 90 🐱

1.2K 270 56
                                    

Author's P.O.V

යිබෝ අන්තිමට දැකලා දවස් එකින් එක ගෙවිලා යනකොට ජාන්ට මිනිස්සුව නුරුස්සන ගතියත් එන්න එන්න වැඩි වුන.. ක්ලබ් එකට ගිහින් බොන්න ඉදගත්තත් මතකෙට එන්නේ යිබෝව වෙනකොට බොන එකත් එපා වෙනව.. කැසිනෝ ගියත් කාත් එක්ක හරි වලියක්..

ජාන්ට දැනගන්න ඕන වුනේ යිබෝ කොහෙද ඉන්නේ කියන එකම එක හෝඩුවාවක් විතරයි.. ඒක දැනගන්න එයා ඩෙවෝන්ට කෝල් නොකරපු දවසක් නැති වුනා.. ජේක්ට පවා කෝල් කලා.. ඒත් දෙන්නගෙම උත්තරේ වුනේ ' යිබෝ අපිට කියන්න එපා ' කිව්ව එක විතරයි..

ඉතින් නිදිවර්ජිත දීර්ඝ රාත්‍රීයක් කැෆේ එකේම ගතකරපු ජාන් පහුවෙනිද උදේ ස්ටාෆ් එක එන්නත් කලියෙන් කේක් හදන්න පටන් අරන් තිබ්බ..අර ඉස්සර යිබෝ ස්ට්‍රේස් එක යවාගන්න කේක් හැදුවේ කොහොමද ඒ වගේම.. ජානුත් කේක් හැදුවා.. මැෂින් තිබිලත් කේන්තිය පිට කරන්න හැන්ඩ් විස්ක් එකෙන්ම කේක් මික්ස් කල..

" බො..ස්.. "

" මොකද..!"

ටොම් බයෙන් බයේ ජාන් ලගට ඇවිත් කතා කරද්දි ප්‍රේස්ටි ඩෝ එකක් නීඩ්   කර  කර  හිටිය ජාන් මොකද කියලා එකපාරට කෑගැහුවම ටොම් තව ටිකක් බය වුන..

" අද..හවස..ට ප්‍රෝපොසල් එකක්..තියෙනව කියලා බුකින් එකක් ඇවිත්.. "

" උබ මට කියන්නේ උන්ට පහන අල්ලන්න කියලද..!"

" න්.නැහැ..නැහැ බොස්.. ඒකට කේක්.ඕඩර් එකක් තියෙනව.. ඒක..මම කරන්නද..අහන්න ආවේ.. "

" ඩිසයින් එක කියලා පලයන්..මම හදන්නම්.. "

බ්ලැක් කැට් කැෆේ එක තිබුනේ මුහුද ලස්සනට පේන තැනක.. ඒ වගේම කැෆේ එකේ තියෙන කියුට් ලුක් එකත් එක්ක මොන්ටිකාලෝ වල ගොඩක් කපල් තමන්ගේ ආදරවන්තියට හෝ ආදරවන්තයට හරිම නිදහසේ..සිම්පල් විදිහට ප්‍රෝපොස් කරන්න ඕනේ නම් බ්ලැක් කැට් කැෆේ එක තෝරගන්නව.. කලින්ම එයාලා රිසවේෂන් එක දාලා තිබ්බම ස්ටාෆ් එක එයාලට ඕන විදිහට කේක් එක ටේබල් ඇරේන්ජ්මන්ට් කරලා තියෙනව.. තව ඉතින් අනිත් කෙනා ' යස් ' කියනකොට confettis දාන්න.. ' සේ යස් ' කියන බෝඩ් කෑලි එල්ලන් ඉන්න ස්ටාෆ් එකත් බොක්කෙන්ම සප් එක දෙනව.. කොහොමත් ඒ රටේ මිනිස්සු ඒ වගේ රොමැන්ටික් දේවල් වලට හරි ආසයිනේ..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Donde viven las historias. Descúbrelo ahora