22

1.5K 332 140
                                    

ජන්ග්කුක් හිටියේ හොඳටම අඬමින්. පුංචි බබෙක් වගේ එයා ඉකි ගහමින් ඔලුව බිමට නමන් හිටියා.

"ඔ-ඔම්මා."

ජන්ග්කුක්ගේ ඇස් වලින් ගලාගෙන ගිය කඳුලු එයාගෙම ඔඩොක්කුවට වැටුනා.

එයාට පාළුයි, ගොඩක් පාළුයි. දවස් ගානක් ගිහින් එයාව මේ කළුවර කාමරේ හිරකරලා. කවදාවත් එයා මෙහෙම එයා ආදරේ කරන අයගෙන් ඈත් වෙලා තනියම ඉඳලා නෑ. එයාට එයාගෙ ඔම්මව, අප්පාව, යාළුවො, විශේෂයෙන් එයාගෙ ටේටේ නැතුව ගොඩක් පාළුයි.

ටේහ්‍යුන්ට දැන් කොහොමද, එයාට දැන් සනීපද කියලා එයාට තදින්ම දැනගන්න ඕන වුනා. සමහර වෙලාවට එයාගෙ ජීවිතේ බේරුව එකට ටේහ්‍යුන්ට බනිමින් එයා තනියම කියෙව්වා. වෙලාවකට ටේහ්‍යුන් එයාට ආදරේ කරන එකට එයා තනියම කියවමින් බැන්නා.

එයාගෙ මුලු ඇඟම රිදෙනවා. දවස් ගානකට කලින් බැඳලා දාපු විදිහටමයි තාමත් එයා ඉන්නෙ. හරියට කන්න බොන්නවත් දෙන්නෙ නැතුව එයාව මෙහෙම හිර කරලා තියන් ඉන්නෙ මොන අරමුණකින්ද කියලා එයා කලින් නොදන්නවා වුනත් දැන් එයා ඒක දන්නවා.

"ඔයාගෙ කැමැත්තෙන්ම මගේ වෙන්න. මං ඔයාව කන්න බොන්න දීලා හොඳට බලාගන්නම් බේබි. ඔය අපායෙන් ගැලවෙන්න ඕන නම් මාත් එක්ක ජීවත් වෙන්න කැමති වෙන්න."

සෑම් එයාට අයුතු යෝජනාවකුයි දිගටම කරේ.

ජන්ග්කුක්ට තේරුනා සෑම් කියන්නෙ අමුතු ජාතියෙ මිනිහෙක් කියලා. නෑ ඌ මානසික ලෙඩෙක්.

සෑම්ට ඕන වුනේ නෑ ජන්ග්කුක්ව රේප් කරන්න.

"උබට ඕනෙ මාව රේප් කරන්නද ආ?!!"

ජන්ග්කුක් එක දවසක් කේන්තියෙන් ඇහුවේ එයාගෙ මුලු උඩු කයම ස්පර්ශ කරන සෑම්ගේ ස්පර්ශයන් ගැන තිබුනු අප්පිරියාවට. ඒත් සෑම් දුන්නෙ ජන්ග්කුක් බලාපොරොත්තු වුන උත්තරේ නෙමෙයි.

"නෑ මට ඕනෙ නෑ. මට බලෙන් කා එක්කවත් සෙක්ස් කරන්න ඕනෙ නෑ. ඒකෙ කිසිම රහක් නෑ බේබි. ඒකට මට අනිත් කෙනාගෙ කැමැත්ත ඕනෙ. ඔයා ඒකට කැමති වෙන්න බේබි. මට ඔයාව ඕනෙ එකපාරකට නෙමේ.. හැමදාටම."

සෑම්ගෙ පිළිතුරෙන් ජන්ග්කුක් පුදුම වුනා.

එයා කැමැත්තෙන් සෑම්ගෙ වෙන්නෙ කවදද, එදා වෙනකන්ම එයාගෙ ඉරණම මේ පුටුව උඩ නොකා නොබී හිර වෙලා ඉන්න එක. ඒත් ජන්ග්කුක් ඌගෙ වෙයිද? කොහොමටවත් නෑ.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now