36 ♡

1.3K 233 20
                                    

___________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


___________________________________________________________


රා ගෙ වචන අවසානයෙ ජන්කුක් ගෙ ඇස් දෙක ලොකු වෙලා තිබුනෙ ඒක දැකපු අරාටත් ලාවට හිනාවක් ඇදෙද්දි ..

" දවසක් අපි එයාව හොඳටම මත් කරා .."

අරා කියන දේත් එක්ක ජන්කුක් ගෙ ඇස් නිකන්ම බිමට හැරවුනේ කලකිරීමත් එක්කයි ..

ඒ කියන්නෙ මේ පුංචි taeyon බබා කියන්නෙ හරි සිහියකින් නොහිටිය ටේහ්යුන්ග් ගෙ ප්‍රතිඵලයක් .. !!

ඒත් ඒක ඇත්තටම එහෙමද ..?!!!

" ඒත් ඒකත් සාර්ථක වුනේ නෑ .. අනෙක් ඒවා වගේම අපි ඒකෙනුත් ෆේල් වුනා .. අපි ගොඩක් උත්සාහ කරල ටේහ්යුන්ග්ට කෙලින් හිට ගන්නවත් බැරි වෙන තරමට බොන්න දුන්නා  , ටේහ්යුන්ග් හොද සිහියකින් නොහිටියත් එයා මාව එයාගෙ ලගටවත් ගත්තෙ නෑ .. මං මට පුලුවන් උපරිම විදියට එයා ලගට ලං වෙන්න උත්සාහ කරත් එයා කරේ හොද සිහියකින් නොහිටියත් මාව එයාගෙන් ඈත් වෙන්න තල්ලු කරපු එක .. කොච්චර අසාර්ථක වුනත් Mrs. Kim එයාට උවමනා දේ සිද්ධ වෙනකන්ම උත්සහය අතෑරියෙ නෑ .. දවසක් එයා ටේහ්යුන්ග් ගේ බීම එකට drug එකක් mix කරල ඒක ටේහ්යුන්ග්ට බොන්න දුන්නා  .."

***********

ටේහ්යුන්ග් හිටියෙ ඔහුගෙ ඔම්මා වුන Mrs. Kim ගෙ ඔෆිස් රූම් එක ඉස්සරහ .. ඔම්මව හම්බ වෙන්න ආව ටේහ්යුන්ග් ඔෆිස් රූම් එකේ දොර ඉස්සරහ නැවතිලා හොඳ හුස්මක් අරගෙන ඒක පිටකරලා සැහැල්ලු වුනේ මේ තරම් හදිසියකින් තමන්ගෙ මාම් තමන්ව හොයන්නෙ මොන කාරණයට ද කියල කියන්න ටේහ්යුන්ග් මේ වෙද්දිත් හොඳටම දැනුවත් නිසයි ..

හුස්මක් පහලට හෙලලා සැහැල්ලු වුන ටේහ්යුන්ග් ඊලඟට ඔෆිස් රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියෙ එන ඕනෙම ප්‍රශ්නෙකට මූණ දෙන්න හිතාගෙන .. දොර ඇරගෙන ඇතුලට ආව ටේහ්යුන්ග් දැක්කා තමන්ගෙ මාම් වගේම අන්කලුත් තව මාමෙගෙ පුද්ගලික ලේකම් කියන පුද්ගලයත් රූම් එක ඇතුලෙ ඉන්නවා .. වගේම ඔවුන් තුන්දෙනා මොනාම හරි වැදගත් දෙයක් ගැන කතා කරනවා කියලත් ..

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now