23

1.6K 334 196
                                    

තෙදිනකට පසු

ටේහ්‍යුන්ගේ අතුරුදහන් වීමෙන් දවස් තුනක් ගෙවිලා ගිහින්. ඒත් ටේහ්‍යුන් ගැන නම් කිසිම හෝඩුවාවක් ලැබුනෙ නෑ. හැමෝම හිතුවේ ජන්ග්කුක් ඉන්නෙ කොයි වගේ තැනකද කියලා කිඳුරා දැනගන්නවත් එක්කම ජන්ග්කුක්ව හොයන් ගිහින් කියලා.

ඔව්, එයාලා හිතුවා හරි. කිඳුරා ගියේ ජන්ග්කුක්ව හොයාගෙන.. මුහුදට.

එතකොට ජන්ග්කුක්?

එයා මේ දවස් ටිකේම එයා සෑම්ට කැමතියි කියලා මවාපාමින් සෑම්ගෙන් තොරතුරු ගන්න උත්සාහ කලා.

එතකොට අදත් ඒ වගේ දවසක්.

සෑම් එයාව බෝට්ටුවේ ඉස්සරහට එක්කන් ඇවිත් ලස්සන කෝපි සංග්‍රහයක් සුදානම් කරලා තිබුනා. හැමදේම රොමෑන්ටික් විදිහට වෙන්න ඕන එක තමයි සෑම්ගෙ තිබුනු මානසික ලෙඩේ.

"එ-එතකොට අපි මේ ඉන්නෙ ජේජු වලට ළං වෙලාද?" ජන්ග්කුක් ඇහුවේ හිතේ පැන නැගුනු පුදුමයත් එක්ක. සෑම් හිස වැනුවා.

"ඔව්, තව ටික දවසක් අපි මෙහෙ ඉඳලා එහෙ යමු. එහෙ ලස්සන හොටෙල් එකක් මං බුක් කරන්න ඉන්නෙ, මගෙ බේබි වෙනුවෙන්ම." සෑම් හිනා වෙලා කිව්වම ජන්ග්කුක් අමාරුවෙන් මූනට හිනාවක් නගාගෙන කෝපි කෝප්පයෙන් මූන වහගෙන කෝපි බිව්වා.

"ඇත්තටම ඔයා හොඳ තීරණයක් ගත්තෙ. ඉස්සරහට ඔයාට සැපට ලස්සනට ජීවත් වෙන්න පුලුවන් බේබි. මොකද ඔයා ඉන්නෙ මාත් එක්ක නිසා. අර මර්මන් එක්ක හිටියා නම් ඔයා ඌව නළව නළව ඌට කන්න දිදී දුක් විඳී." සෑම් කිව්වම ජන්ග්කුක්ට ඕන වුනේ අතේ තිබුනු උණු කෝපි එක ඉස්සරහා ඉන්න සෑම්ගෙ මූනටම විසි කරන්න. ඒත් එයා ඉවසමින් ඇස් වල කඳුලු පුරවගෙන නිහඬ වුනා.

එයාට ආයිත් මතක් වුනේ ටේහ්‍යුන් එක්ක ගෙවුන ජීවිතේ.

"ම්-මං ඒ ජීවිතේට ආසයි. ටේටේගෙ වැඩ වලට හිනා වෙන්න ආසයි, එයා මාත් එක්ක හුරතල් උනාට වෙලාවකට මට සැර කරන එකට මං ආසයි, එයා මට ආදරේ දෙන විදිහට ආසයි, එයාගෙ ආදරේට මං ආසයි, එයා මට කෙල්ල කියලා කතා කරනවටත් මං දැන් ආස වෙලා. මට එයාගෙ කෙල්ල වෙලා හැමදාම එයා එක්ක ඉන්න ආසයි." ජන්ග්කුක්ට එයාගෙ හදවත හිර කරනවා වගේ වේදනාවක් දැනුනා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now