ශෙනන් pov :
කකුලේ උලුක්කුව නිසා ඒක පිටින් දාලා මම දවස් දෙකක්ම ගෙදර හිටියා..හිටිය දවස් දෙකටම මම කලේ අරයා ගැන හිතපු එකම තමා..
ලැජ්ජයි එක්ක අප්පා..මාව බලන්න එන්න හැදුවත් මම එන්න එපා කිව්වේ දැන්ම කැමැත්ත දෙන්න මට ඕනේ වුනේ නැති නිසා..
මම දන්නේ නෑ මම කොච්චර කල් ඉඳන් නෙතිල් අයියාට කැමති වෙලා හිටියද කියලා..මම එයා ගැන කෙලින්ම හිතන්න නොගියේ මගේ හිතේ හැම තිස්සෙම අර ඇස් දෙක හොල්මන් කල නිසා..ඒ කෙනා නෙතිල් අයියා කියලා දැන ගත්තම මම එයාට ආදරෙයි කියලා තීරණය කරන්න මම දෙපාරක් හිතුවේ නෑ..
ඒත් මට හිතන්න ගොඩක් දේවල් තිබ්බා..මම gay ද straight ද කියලා දැනගන්න තරම් මට කවදාවත් කාගැනවත් feelings ඇති වෙලා නෑ.ඒවා හිත හිතා ඉන්නවට වඩා මට හිතන්න ප්‍රශ්න තිබ්බා.
මම sex ඕන තරම් ගෑනු පිරිමි දෙගොල්ල එක්කම කරලා තිබ්බත් මගේ සිරැර ඒවාට කවදාවත් ප්‍රතිචාරයක් දැක්වුයේ නෑ.. drugs වල බලපෑමෙන් මාව turn on වුනත් කවදාවත් මම ඒවා වින්දේ නෑ..
මම දන්නවා මම පිරිසුදු කෙනෙක් නෙමේ..නෙතිල් අයියගේ ජිවිතයයි මගේ ජිවිතෙයි ගත්තොත් ඒක නිකම් දිව්‍ය ලෝකෙයි අපායයි වගේ..
මගේ පෙනුමට කැමති වෙලා එයා මම ගැන feelings ඇති කරගත්තත් මගේ අතීතේ දැන ගත්ත ගමන් එයාට මාව අප්පිරිය වෙයි කියලා මුලදි නොහිතුනාම නෙමේ..එදා මාව එයා බේරගත්ත දවසේ වුනත් එයා දැක්කේ මට එදිනෙදා සිද්ධ වෙන සාමාන්‍ය දෙයක් වුනත් බරපතල විදිහට තිබ්බේ මම මරනාසන්න වෙලා හිටපු එක විතරයි..මට ඒ සිද්ධිය ගැන ලොකු මතකයක් නෑ..ගොඩක් තැන් බොඳයි වගේම අපහැදිලියි..ඒ ඔලුවට වැදිච්ච පාර නිසා වෙන්න ඇති..නැත්නම් drugs overdose වෙලා තිබ්බ නිසා වෙන්න ඇති..
හැබැයි වෙන්න ඇත්තේ මොකක්ද කියලා මට හිතා ගන්න පුලුවන්..මට මතක නැති වුනත් මගේ සිරැර මට ඒ හැමදේම කිව්වා..ඊටත් වඩා මගේ අම්මගේ ලැප් එකෙන් මම ඒක දැනගත්තා..මට දැන් එකෙන් වැඩක් නෑ..
නෙතිල් අයියා දැන් දන්නවා මට මොන වගේ ජිවිතයක් තියෙන්න ඇද්ද කියලා..ඒ නිසා එයා මාව තෝරගත්තා කියන්නේ එයාට ඒක ප්‍රශ්නයක් නෑ කියන එක නේ..කවදා හරි එයාට ඒක ප්‍රශ්නයක් වුනොත් මම එයාට වැරැද්දක් කියන්නේත් නෑ..
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...