බණ්ඩාරවෙල - කොළඹ
" පරිස්සමින් පලයන් මයේ පුතේ.. රත්නත්තරේ පිහිටයි මයේ කොල්ලට.. එහෙට ගිය හැටිය පණිවිඩයක් තියපන් නංගිට.. "
" හරි අප්පච්චි...පරිස්සමින් ගෙදර යන්න උපුල් අයියගේ වීල් එකේම.. "
ආයෙමත් අප්පච්චිගේ කකුල් අල්ලලා වැන්ද මම කරගැටවලටම පදම් වුනු දෑත් සිපගත්තේ දෙඇස් කොන්වලට උනපු කඳුලු අමාරුවෙන් සඟවා ගනිමින්.. ඉතින් ආයෙමත් ඒ ගෙන්දගම් පොළොවත් එක්ක හැප්පෙන්න යන මම ලොකු සුසුමක් පිට කරලා බැලුවේ නොපෙනී යනකම්ම බස් එක දිහා බලන් ඉන්න අප්පච්චි දිහා...
අම්මා නැති උනාට පස්සේ නංගිගෙයි මගෙයි ලෝකේ ඉර වගේම හඳ උනෙත් අප්පච්චි... වෙලාවකට මහ පොළොව වගේ අපිව දරාගත්ත... අහසක් වගේ සෙවණ දුන්නු අප්පච්චි... කවදාහරි ඒ මනුස්සයාව රජෙක් වගේ බලාගන්න එක මගේ එකම හීනේ උනා... ඉතින් ඒ හීනෙට තව ටික දුරයි... කොළඹ විශ්වවිද්යාලය... වෛද්ය පීඨය... පළමු වසර....
තාමත් උදේ පාන්දර දෙක හමාරට විතර ඇති.. බදුල්ල,බණ්ඩාරවෙල පැත්තටම ආවේණික උනු හකු පවා ගල් වෙලා යන සීතල ඕනිවටත් වඩා මට දැනෙද්දි බස් එකේ තැනින් තැන වාඩි වෙලා හිටපු අනිත් මිනිස්සු වගේම මමත් ඇස් පියාගත්තේ නිදිමතක් නැතත් දැනෙන සීතල පොඩ්ඩක් හරි අඩු කරගන්න හිතාගෙන..මට නින්ද ගිහින්.. මං හිතන්නේ විනාඩි හැටක් විතරම නිදි දෙව්දුව මාව වැලඳ ගෙන ඉදලා.. තාමත් අන්ධකාරේ රජ කරවමින් තිබුනත් මේ වෙනකොටත් මුලු බස් එකම පිරිලා තිබුනා වගේම කෙනෙක් දෙන්නෙක් හිටගෙන උන්නා... ඉරටත් කලින් දවස පටන් ගන්න මිනිස්සු.. මෙතන උන්නු බහුතරයක් එදා වේල හම්බකරගන්න මිනිස්සු.. අතට හම්බෙන තුට්ටු දෙකත් එහෙ බලලා මෙහෙ බලද්දි වාෂ්ප වෙලා යන සමාජයක කාටවත් අතනොපා අමාරුවෙන් ජීවන බර කරට අරන් ඉන්න මගේම පන්තියේ මිනිස්සු දිහා මං විනාඩි කීපයක් බලා හිටියා...
මං වාඩි වෙලා උන්නේ දෙකේ සීට් එකක.. මටත් වඩා ලොකුවට තිබුනු මල්ල උඩ රැක් එක උඩින් දාලා තවත් අඩුම කුඩුම ටිකක් පුරෝලා තිබුනු සයිඩ් බෑග් එක ඔඩොක්කුවේ තියන් හිටපු මම අන්ධකාරය මැද්දෙන්ම ශට' එක පොඩ්ඩක් ඇරියේ හීතල හුලං රැල්ලක් එක තප්පරෙන් මගේ මුලු ඇඟම වහගනිද්දි.. හිරිකඩු පිපෙන මේ හීතලට මං ආසයි ගොඩක්..
YOU ARE READING
~ කෝඩුකාර ~ [ ZhanYi Oneshot ] || 🌼🦋
Fanfictionඉකි බින්ඳ ජීවිතේ.. තනිකම මැකී ගිහින්... ❤️ තව ඉඩක් නෑ හිතේ... නුඹට දුන්නා තරම්... ✨️