39 ♡

1.4K 239 37
                                    

____________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________________________________________


ජන්කුක් අරාට පැහැදිලි කරත් අරා බලාපොරොත්තු කඩවුන බැල්මකින් ජන්කුක් දිහා බලාගෙන හිටියා .. තත්පර කිහිපයක් ගෙවෙද්දි අරා ගෙ ඇස් වලින් ආයෙමත් කඳුලු බිඳු රූටගෙන කම්මුල් තෙමාගෙන පහලට ගලාගෙන යද්දි , අරා ජන්කුක්ව තද කරල බදා ගත්තා .. අරාගෙ හැඟීම් තේරුම් ගත්ත ජන්කුක් අරාව ආපිට වැලද ගත්තා ..

" සමහරවිට එයා කරන්නෙ එදා ඔයා කරපු දේවල් වලට ඔයාව රිද්දනවා වෙන්න ඇති .. ඒත් මට හොඳටම විශ්වාසයි එයා ඔයාට ආදරෙයි .. මං අද දැක්කා එයාගෙ මූණෙ තිබුන වෙනද නොතිබුන අමුතුම සන්සුන් බවක් .."

අරා තවමත් කියන්නෙ ටේහ්යුන්ග් ගෙ හිතේ ජන්කුක් වගේම ටේහ්යුන්ග් ආදරය කරන්නෙත් ජන්කුක්ටම විතරක් කියලා .. ඒත් .. ඒත් ඒක ජන්කුක් තවමත් පිලිගන්න ඔහුගෙ හිත හදාගෙන නෑ .. අරා ඉන්නෙ වැරදි වැටහීමක කිල තේරුම් ගත්ත ජන්කුක්ට ඕන කරේ අරාගෙ ඒ වැරදි වැටහීම නැති කරල දාන්න වුනත් නොහිතපු වෙලාවක එකපාරටම ..

" What the f**k ..!! තමුසෙලා දෙන්නා මොනවද කරන්නේ ..!"

ටේහ්යුන්ග් එතනට ඇවිත් ජන්කුක්ව වැළඳගෙන හිටිය අරාව ජන්කුක් ගෙන් ඇදල අරගන්න ගමන් කෑ ගහගෙනම අරා පැත්තකට තල්ලු කරල දැම්මා .. ඒ තල්ලු කරපු පාරට අරා ඇදගෙන වැටෙන්න ගියත් ඊට කලින් ඉක්මන් වුන ජන්කුක් ඉස්සරහට පැනල වැටෙන්න යන අරාව අල්ලගෙන තමන්ට වාරු කරගත්තා .. අරාගෙන් ප්‍රශ්නයක් නෑ නේද කියල ජන්කුක් හීනි හඩකින් ඇහුවත් ඒකට අරාගෙ පිලිතුර වුනේ කඳුලු පිරුණ ඇස් වලින් ජන්කුක් දිහා ලාවට බලලා ඔලුව හොලවපු එක .. ටේහ්යුන්ග් ගෙ මේ වැඩේ නිසානම් ජන්කුක්ට කේන්ති ගියා ..

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now