25

1.8K 358 383
                                    

ජන්ග්කුක් වගේම කිඳුරා හිටියේ ගොඩට යන්න මුහුදෙ පීනන ගමන්. හැබැයි ජන්ග්කුක්ට පොඩි වෙනසක් දැනුනා. වෙනස තමයි එයාගෙ වටේ මාළු කැරකෙමින් එයාගෙ පිටුපසින් එන විදිහ.

"ඔහ් ම්-මේ මොකද?" ජන්ග්කුක් හිටි තැන නැවතිලා ආපස්ස හැරුනේ මාලු ඇයි එයාගෙ පස්සෙන් එන්නෙ බලන්න, ඒත් මෙච්චර වෙලා ජන්ග්කුක්ට හොරෙන් එයාගෙ වටේ ඉන්න මාළු කටේ ඔබාගෙන රස බලමින් හිටපු කිඳුරා ජන්ග්කුක් හැරෙනවා දැකලා භීතියෙන් ඇස් දෙක ලොකු කරගත්තා. එයාගෙ අවාසනාවට ජන්ග්කුක් ඒක දැක්කා.

"ඔයා මගෙ පස්සෙන් එන මාළු කනවද ආ?!" ජන්ග්කුක් ඇහිබැම හකුළන් කෑගහද්දි කිඳුරා මාලු කටේ පුරවගෙනම වේගෙන් හිස දෙපැත්තට වනලා ඉක්මනින් උන් ටිකව ගිලලා දැම්මා.

"පිස්සුද කෙල්ලෙ. ඒ ම්-මුහුදු පැලෑටියක් ඔව්." ටේහ්‍යුන් ඉක්මනින් කියලා දැම්මා.

"නෑ එයා බොරු කියන්නෙ. එයා දැන් අපේ අයව ගොඩක් කෑවා උතුමාණනි."

කටහඬක් ඇහෙනවත් එක්කම ජන්ග්කුක් ඇස් දෙක ලොකු කරන් බලන් හිටියෙ ටේහ්‍යුන් දිහා.

"ඔ-ඔයාගෙ කටහඬ ඇයි අමුතු?" ජන්ග්කුක් ඇහුවේ මේ කිසිම දෙයක් නොදන්න ටේහ්‍යුන්ගෙන්.

"කෙල්ලෙ ඒ මං නෙමෙයි." ටේහ්‍යුනුත් කම්පනයෙන් කිව්වම ජන්ග්කුක් නළල රැලි කරගත්තා.

"ඒ රාක්ෂයා එක්ක කතා කරන්න එපා උතුමාණනි."

කටහඬේ අයිතිකාරයා එයාගෙ මූන ඉස්සරහට ඇවිත් කතා කරහම ජන්ග්කුක් ගිරියටින් කෑගහගෙන ගිහින් කිඳුරගෙ පිටුපස හැංගුනා වගේම එයා හොරෙන් ටේහ්‍යුන්ගේ කර උඩින් එබිලා බැලුවා.

ඒ පුංචි මාළුවෙක්.

"ඕ~ මාලුවෙක්? කෙල්ලෙ ඔයාටත් ඇහුනෙ ඒ මාළුවා කතා කරන එකද?" ටේහ්‍යුන් සතුටින් ඇහුවම ජන්ග්කුක් අඬන්න ආසන්නව කෙඳිරිගාමින් කිඳුරගෙ අතේ එල්ලුනා.

"අ-අනේ මට බෑ මාළුවෙක් වෙන්න." ජන්ග්කුක් හඬමින්ම කිව්වා.

"ඔබතුමා මාළුවෙක් නෙමෙයි ඔබතුමා තමා මේ මුහුදෙ ආරක්ෂකයා."

තව මාළුවෙක් කිව්වම ජන්ග්කුක් මූන බෙරි කරගෙන ටේහ්‍යුන් දිහා බැලුවා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now