________________________________________________________________" එයා කවදාවත් එහෙම කරන්නෙ නෑ .. මොකද එයාවත් දැනගන්න එකක් නැතිවෙයි තමුන් මේ වෙද්දි මේ ලෝකෙ නෑ කියන එක .. තමුන්ව මරල දැම්මම අපි ආයෙමත් එයාට කියනවා තමුන් කලින් වගේම ආයෙමත් සැරයක් පැනල ගිහින් කියලා .. ආයෙමත් නොයෙන්නම .."
ජන්කුක් ගෙ ඇස් කේන්තියෙන්ම රතු වෙලා තිබුනෙ මීට අවුරුදු තුනකට කලිනුත් මේ විදියෙම පැනල යාමක් විදියට මිසිස් කිම් හැමෝම ඉස්සරහ බොරුවක් පතුරවල ජන්කුක් ගෙ ජීවිතයෙ ලොකු වෙනසක් සිද්ධ කරපු නිසයි .. ඒ හැමදේම නිසයි අද මේ තරම් ලොකු ප්‍රශ්න ගොඩක් ඇවිත් තියෙන්නෙ ..
ජන්කුක් ගෙ රතු ඇස් ගනන් නොගත්ත මිසිස් කිම් ඇගේ ලේකම්වරය දිහාවට බැල්මක් හෙලල හිසෙන් යමක් සංඥා කරල ආයෙමත් ජන්කුක් දිහාවට හැරිලා ..
" තමුන් තවත් මොනවද බලාගෙන ඉන්නෙ හැන් .. මේ දඩබ්බරයවත් එයාගේ ඔම්මා අප්පා ලගටම යවනවා .."
මිසිස් කිම් ගෙ අවසරය ලැබෙනවත් එක්කම ලේකම්වරය වෙච්ච හැන් ගෙ මූණෙ ඇදුනෙ හරිම කැත හිනාවක් .. ඒ හිනාව එදා වගේම අදත් ජන්කුක් ගෙ හිතේ බයක් වගේම තමන් ගැනම පිළිකුලක් ඇති කරන්න සමත් වුනා .. ඔව් එදා .. මීට අවුරුදු තුනකට කලින් .. හරියටම කිව්වොත් ජන්කුක් ගෙ පළමු විවාහ දිනය දවස .. හැන් ගෙ ඒ හිනාව ජන්කුක් ගෙ ධෛර්යය ටිකෙන් ටික බිදල දාන්න උත්සාහ කරත් ජන්කුක්ට ඕන වුනේ නෑ එදා වගේ අදත් කිසිම දෙයක් නොකර පසුබසින්න .. මොන දේ වුනත් අන්තිම වෙනකන් සටන් කරන්න ශක්තියක් ජන්කුක් ඇති කරගෙන තිබුනා ..
" මාව අල්ලන්න එපා .. එහාට යනවා .. මං ළඟට එන්න එපා මිනිහෝ ..!!!"
ජන්කුක් මහ හයියෙන් කෑ ගහන ගමන් තමන් ලගට කිට්ටු වෙන හැන්ට කෑ ගැහුවත් , ලගට එන්න එපා කියන ගමන් පස්සෙන් පස්සට ගියත් ජන්කුක් ගෙ හඩට කන් නොදුන්න හැන් හෙමින් හෙමින් ඉස්සරහට ඇවිදගෙන ආවෙ මුවේ රැදුන අර හිනාව ඒ විදියටම තියාගෙන ..
YOU ARE READING
SOLD BRIDE || Completed ✅️
Fanfictionජීවිතේ ගැන ගොඩක් ලස්සන හීන දැකපු තරුණයෙක් .. ආදරවන්තයෙක් .. මනාලයෙක් .. ● ඒත් ඒ හීන ඔක්කොම එක විනාඩියකින් බිඳිලා ගියොත් ඒ හැඟීම කොහොම දැනේවිද ... ........ Tae ♡ Kook ...... Cover by @lchi_jk 2023/04/05 - Taehyung #1 🥇 ...