27

1.9K 338 286
                                    

බාත්රූම් එකේ කණ්ණාඩියෙන් එයාගෙම ප්‍රතිබිම්බය දිහා බලාගෙන ජන්ග්කුක් තනියම හිනාවෙමින් හිටියා. ඊයෙ රෑ වුන දේවල් වලට දැන් එයාට හොඳ ගණන්. එයාගෙ මුළු ඇඟම තලලා දාලා වගේ රිදෙනවා මදිවට මුලු ඇඟම දැවිල්ලයි. එයාට ඉවසන්නම බැරි වුනේ යටි කයෙන් දැනෙන වේදනාව.

ඊයෙ රෑ මහන්සියට ටේහ්‍යුන් තාම නිදි. හොටෙල් එකේ ෆෝන් එකෙන් ජිමින්ගෙ රූම් එකට කෝල් එකක් අරන් ජන්ග්කුක් එයාට පේන්කිලර්ස් ගේන්න කියලා දැනුම් දීලා බාත්රූම් එකට යන්න සූදානම් වුනා. ටේහ්‍යුන්ව ඇහැරවන්න ලෝභ වුනු ජන්ග්කුක් අමාරුවෙන් නැගිටගෙන කොර ගහමින් බාත්රූම් එකට රිංගුවේ එයාට පිරිසිදු වෙන්න තද උවමනාවක් තිබුන නිසා.

එයාගෙ ඉන තදින් රිදුනා වගේම එයා දැක්කා ඉනේ තියෙන ටේහ්‍යුන්ගේ ඇඟිලි පාරවල්. ටේහ්‍යුන් එයාගෙ ඉන මිරිකපු විදිහට තවත් එයාගෙ ඉන හීනි වෙලාද මන්දා කියලා ජන්ග්කුක් කණ්නාඩිය දිහා බලන් තනියම හිනා වුනා.

එයාගෙයි කියලා කියන්න පුලුවන් අඟලක්වත් ජන්ග්කුක්ගේ ශරීරෙ දැන් තිබුනෙ නෑ. හැමතැනම ටේහ්‍යුන්ගේ සළකුණු වලින් පිරිලා තියෙන දිහා ජන්ග්කුක් බලන් හිටියෙ ආඩම්බරෙන්.

එයා ඒ දේට ගොඩක් ආදරේ කලා.

සතුටින් හුස්මක් හෙළපු එයා ශවර් එක යටට ගිහින් පිරිසිදු වෙන්න පටන් ගත්තා.

මේ අතරේ තමයි ටේහ්‍යුන් අවදිවෙමින් හිටියෙ. ඇඟේ හිරිඇරගෙන එහෙන්ම එහා පැත්තෙ ඉන්න ජන්ග්කුක්ව බදාගන්න හැදුවත් එතකොට තමයි එයා දැක්කෙ ජන්ග්කුක් නෑ කියලා.

"ජන්ගූ?!" ටේහ්‍යුන් හොඳටම බය වුනා.

එයා ඇඳෙන් පැනලා ජන්ග්කුක්ව හොයන්න යන්න හැදුවත් හොටෙල් රූම් එකේ දොරේ බෙල් එක රින් වෙනවා ඇහිලා එයා නැවතුනා.

"ටේටේ!! ජිමින් හියුන් වෙන්නැති බලන්න!!"

බාත්රූම් එකෙන් ජන්ග්කුක්ගෙ කටහඬ ඇහෙද්දි ටේහ්‍යුන් මූන හකුළ ගත්තා.

"අනේ කෙල්ලෙ ඔයා බාත්රූම් එකේද~ ඇයි මාව කලින් ඇහැරුවෙ නැත්තෙ?!" ටේහ්‍යුන් මූන හකුළන් කෑගැහුවත් දිගටම නාදවෙන කන්කරච්චල් බෙල් එක නිසා එයා ඇඳෙන් බැහැලා දොර ගාවට ගියා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now