28

1.9K 325 328
                                    

එකිනෙකාගෙ තුරුලෙ කිචි බිචි ගාමින් මුලු කොණ්ඩෙම තෙත බරිතව ටේකුක් දෙන්නා හොටෙල් එකට එද්දි හවස හයත් පහු වෙලා තිබුනා. ඒත් එනකොටම Hallway එකේදි කාමරෙන් එළියට එන ගමන් හිටපු ජන්ග්කුක්ගේ ඔම්මට ඒ දෙන්නව අහු වුනා.

කාමරේ දොර ගාව ඉඳන්ම සැක සහිතව බලන් ඉන්න ඔම්මව දකිද්දි ජන්ග්කුක් ඉක්මනින් ටේහ්‍යුන්ගෙන් ඈත් වෙලා අමාරුවෙන් මූනට හිනාවක් නගා ගත්තා.

"අ-ආ ඔම්මා, අපි බීච් එකට ගිහින් ආවෙ." ජන්ග්කුක් හිනා වෙලා කිව්වා.

"එහෙමද?" හේවොන් ඇහුවේ තාමත් ඒ සැක සහිත බැල්මෙන්මයි.

"ඔව් ඔම්මා, අපි දෙන්නා ඇති වෙන්න මුහුදෙ පීනුවා. ඔම්මා මගෙ රෝමියෝ තාම එහෙ ඉන්නවද? අපි කවද්ද ආයිත් එහෙ යන්නෙ?" ටේහ්‍යුන් එයාගෙ බොක්සි හිනාවෙන් හිනා වෙලා ඇහුවම හේවොන් මදහසක් නැගුවා.

"තාම ඒ ගැන හිතුවෙ නෑ. තව සතියකින් වගේ අපි යමුකො." හේවොන් කිව්වම ටේහ්‍යුනුත් සතුටින් හිනා වුනා.

ඊළඟට හොර පූසො දෙන්නෙක් වගේ එයාලගෙ කාමරේට රිංගුව ටේකුක් දෙන්නා දිහා බලලා හුස්මක් හෙළපු හේවොන් එයාගෙයි ජේහ්‍යුන්ගෙයි කාමරේට ගියා.

"ආ ජේහ්‍යුන්, අපේ පුතයි ටේහ්‍යුන් පුතයි අතර තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක් කියලද ඔයා හිතන්නෙ?" හේවොන් ඇහුවේ ලැප් එකෙන් එයාගෙ බිස්නස් වැඩ මැනේජ් කරමින් හිටපු ජන්ග්කුක්ගේ අප්පාගෙන්.

එයා ලැප් එකෙන් ඔලුව උස්සලා හේවොන් දිහා ඇස් දෙක ලොකු කරන් බැලුවා.

"හහ්? මොන වගේ සම්බන්ධයක්ද කිව්වෙ?"

"නෑ ඒ දෙන්නා යාළුවො වගේ මට පේන්නෙ නෑ ඒකයි." හේවොන් කිව්වේ ඇඳෙන් වාඩි වෙමින්. ජේහ්‍යුන් මදහසක් නැගුවා.

"ජන්ග්කුක් එයාට ගොඩක් කැමතියි හේවොන්. දෙපාරක්ම ටේහ්‍යුන් පුතා නිසයි අපේ කොල්ලා තාම ඉන්නෙ." කිව්ව ජේහ්‍යුන් බර හුස්මක් හෙළුවා.

"මං දන්නෑ අපේ කොල්ලාව අපිට ආපහු දුන්නට ටේහ්‍යුන් පුතාට කොහොම නම් ඒ ණය ගෙවන්නද කියලා." කිව්ව ජේහ්‍යුන් හිස දෙපසට වනමින් ආයිත් එයාගෙ රාජකාරියට අවධානය යොමු කලා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now