47 ♡

1.3K 237 28
                                    

_____________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_____________________________________________________________

ජන්කුක් ගෙ තුවාල වලින් වැසුණු සිරුර මේ වෙද්දි යම්තාක් දුරකට සුව වෙලා තිබුන නිසා මිසිස් කිම් ජන්කුක්ට අවසර දුන්නා ඔහුගෙ හ්යුන්ග්ලට කතා කරන්න  .. නම්ජූන්ට තමන්ව එක්කගෙන යන්න එන්න කියල ජන්කුක් කෝල් කරල කිව්වෙ මිසිස් කිම් ඉස්සරහයි .. නම්ජූන්ට ජන්කුක්ව ගන්න එන්න කියපු තැනට , ජන්කුක්ව එක්කගෙන ගිහින් ඇරඹුවේ මිසිස් කිම් .. ඒ නිකන්ම නෙමෙයි ඔවුන් අතරෙ සිද්ධ වුන ගනුදෙනුව ගැනත් සිහි කැඳවලා ..

මිසිස් කිම්ට අවනත වුන ජන්කුක් ඇයට එකග වෙද්දි නම්ජූන් ජින් එක්ක ජන්කුක්ව එක්කගෙන යන්න ඔවුන් කියපු තැනට ආවෙ , මිසිස් කිම් ජන්කුක් නම්ජූන් ජින් දෙන්නත් එක්ක යනවා තමන්ගෙ වාහනේ ඇතුලෙ ඉදන් ඔවුන්ට ටිකක් ඈත සිට බලාගෙන ඉද්දි ..

නම්ජූන් ජින් දෙන්නත් එක්ක වාහනයට ගොඩ වුන ජන්කුක් කිසිම කතාවක් නැතුව ෂටර් එකෙන් එලිය බලාගෙන හිටියා ..
ජන්කුක් ගෙ හිතට එක් බලාපොරොත්තුවක් ගෙනත් දුන්නා තමන්ගෙ හ්යුන්ග්ලා දෙන්නා අනිවාර්යයෙන්ම මේ කරදරයට මගක් සොයාගනී කියන එක .. ජන්කුක්ට තවමත් තමන් ගේ ආදරය ගැන .. , ඔහුගේ ටේහ්යුන්ග් ගැන ගොඩක් ලොකු විශ්වාසයක් තිබුනා .. තමන් ගේ ටේහ්යුන්ග් හැමදේම හොඳින් කරයි කියල ජන්කුක්ට විශ්වාසයක් තිබුනා ..

ජන්කුක් ආයෙමත් ගෙදර ආවයි කියන කාරණය හැම කෙනෙක් අතරම පැතිරුණා .. ඒ පැනල ගියපු bride ආයෙමත් ඇවිත් කියලයි .. ටේහ්යුන්ග්ටත් මේ පුවත , ජන්කුක් ආයෙමත් ඇවිත් කියන පුවත දැනගන්න ලැබුනා .. ටේහ්යුන්ග්ට සතුටුයි .. ගොඩක් සතුටුයි .. එයාගෙ ආදරේ කිසිම කරදරයක් නැතුව ආයෙමත් ආපු එකට .. ටේහ්යුන්ග් දෑස්වල
බලාපොරොත්තුවක් දැල්වුනා .. කලින් වුන දේවල් ආයෙමත් හරි ගස්සන්න පුලුවන් වේවි කියලා .. තමන්ගෙ ජන්කුක් , හොඳින් ඉන්න එක ටේහ්යුන්ග්ට සහනයක් වුනා වගේම ටේහ්යුන්ග් ගෙ අසනීප සනීප කරන්න වටිනා ඖෂධයක් ද වුනා ..

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now