ටේහ්‍යොන්ග්ට කෑගහලා ෂැම්පේන් ග්ලාස් එක හලලා ජන්කුක් පාටි හොටෙල් එකෙන් එලියට දුවගෙන ගියා... නිකෝ ජන්කුක් පස්සෙන් යන්න හැදුවම ටේහ්‍යොන්ග් නිකෝව නවත්තලා ජන්කුක්ගේ පස්සෙන් එලියට ගියා... ටේහ්‍යොන්ග් දන්නවා ජන්කුක්ට හිතන තරම් නපුරු වෙන්න බෑ කියලා... ටේහ්‍යොන්ග් තරම් ජන්කුක් ගැන දන්නේ වෙන කවුද?
ජන්කුක් දුවගෙන ඇවිත් ස්විමින් පූල් එක ලග බිම දණගැහුවා... හයියෙන් හුස්ම ගන්න ගමන් ජන්කුක් කදුලු ඔහේ ගලාගෙන යන්න ඉඩ දුන්නා... ඒත් කවුරුහරි එන අඩි සද්දයක් ඇහුනම ජන්කුක් කදුලු පිහිදාගෙන අනිත් පැත්තට හැරුනා... ටිකකින් උණුසුම් අත් දෙකක් තමන් වටා එතුනම ජන්කුක්ගේ හුස්ම තවත් හිරවෙන්න ආවා... "Petal" ජන්කුක් ඔලුව බිමට නවාගෙන හයියෙන් හුස්ම ගත්තා...
"Breath""jungkook breath"
"please baby" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඔලුව පපුවට තියාගත්තා... ජන්කුක් හයියෙන් හුස්ම ගත්තා... "P-petal please" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පිට අතගෑවා... ජන්කුක් පපුව තද කරලා අල්ලගෙන ටේහ්‍යොන්ග්ගේ පපුවෙන් එකපාරටම ඈත්වුනා... දෙන්නම swimming pool එක ලග gabezo එක ඇතුලේ බිම වාඩිවෙලා හිටියා... ජන්කුක්ගේ මුලු ඇගම වෙව්ලන්න ගත්ත නිසා ටේහ්‍යොන්ග් ඉක්මනට කෝට් එක ගලවලා ජන්කුක්ගේ උරහිස උඩින් දැම්මා... ජන්කුක් ඇදගෙන හිටිය ක්‍රොප් ටොප් එක නිසා ජන්කුක්ගේ ඇගේ වැඩි කොටසක් නිරාවරණය වෙලා තිබුනා... මුල ඉදන්ම ටේහ්‍යොන්ග් ඒකට කැමති වුනේ නෑ... ලැබුන චාන්ස් එකෙන් ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්කුක්ගේ ඇග තමන්ගේ කෝට් එකෙන් වැහුවා...
"ම්-මාව අ-අල්ලන්න එ-එපා" ජන්කුක් අමාරුවෙන් ටිකක් සද්දෙන් කිව්වා... ටේහ්‍යොන්ග් ජන්කුක් වටා තිබුන අත් තවත් තද කරා... "බේබි-" ටේහ්‍යොන්ග් කියන්න ගියාම ජන්කුක් ටේහ්‍යොන්ග්ව හයියෙන් තල්ලු කරලා දැම්මා... පපුව අල්ලෙන් තද කරගෙන ජන්කුක් බිම දණගාගෙන ටිකක් එහාට ගියා... ටේහ්‍යොන්ග් එහෙමම ඉදගෙන බලාගෙන හිටියා...
"ඔ-ඔයාට මම JK, Mr.Kim!" ජන්කුක් ඇස් වලින් ගලාගෙන යන්න හදන කදුලු යටිතොල තදින් හපාගෙන පාලනය කර ගත්තා... ටේහ්‍යොන්ග් ඉස්සරහා අඩන්න බෑ, තාමත් දුර්වලයි කියලා පෙන්නන්න බෑ...
YOU ARE READING
what happen to the NERDY ||vkook||
Fanfiction[ sequel to the nerdy AND the handsome] "Taehyung looks at jungkook like he just realize what love IS"