30

1.6K 325 302
                                    

Next day

ඊළඟ දවසටත් හිරු උදා වුනා. ඒත් ටේහ්‍යුන්ට නම් ඇඳෙන් හෙල්ලෙන්න හම්බවුනේ නෑ මොකද ජන්ග්කුක් එයාව තදින් බදාගෙන හිටපු නිසා.

එයාට වෙනදට වඩා ජන්ග්කුක්ගේ වෙනසක් දැනුනා. එයා හිමින් ජන්ග්කුක්ගේ මූන එයාගෙ පැත්තට හරව ගත්තේ නළල රැළි කරන්.

ඒත් ජන්ග්කුක්ගේ මූන දැක්ක ටේහ්‍යුන් හොඳටම බය වුනා. මුලු මූනම සුදුමැලි වෙලා ගිහින්, ඇස් යට කළු ගැහිලා ඇස් මළානික වෙලා තිබුනා.

"පැටියො ඇයි මේ?" කලබලෙන් ඇහුව ටේහ්‍යුන් නයිට්ස්ටෑන්ඩ් එක උඩ තිබුනු වතුර වීදුරුවෙන් වතුර ටිකක් අරගෙන ජන්ග්කුක්ගේ මුලු මූනම අතින් පිස දැම්මා.

"කෙල්ලෙ ඔයා අසනීපෙන්ද?" ටේහ්‍යුන් ඇහුවම ජන්ග්කුක් හිස දෙපසට වනලා ටේහ්‍යුන්ව තවත් බදාගත්තා.

"අ-අපි අද මෙහෙමම ඉමුද ටේටේ?" ජන්ග්කුක් බිඳුනු හඬින් ඇහුවා.

"ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද ජන්ගූ?" ටේහ්‍යුන් ඇහුවත් ජන්ග්කුක් ඇස් දෙක පියාගෙනම හිස දෙපසට වනලා ටේහ්‍යුන්ගේ පපුව මත මූන ඇතිල්ලුවා.

"ටේටේ මං ඔයාට ආදරෙයි හොඳද?" ජන්ග්කුක් කොඳුරමින් කිව්වම ටේහ්‍යුන්ගේ මූනෙ මදහසක් නැගුනා.

"මං ඒක දන්නවා ජන්ගූ~ මාත් මගෙ කෙල්ලට ආදරෙයි." කිව්ව ටේහ්‍යුන් ජන්ග්කුක්ව තුරුලු කරගෙන ඇස් දෙක පියාගත්තේ ජන්ග්කුක්ට තව ටිකක් එහෙම ඉන්න දීලා.

මුලු රෑම නොනිදා ගත කල ජන්ග්කුක්ට ඒ පුංචි වෙලාවක් ටේහ්‍යුන්ගේ උනුහුමේ සනීපෙට නින්ද ගියා. ආයිත් එයා ඇහැරෙද්දි මූනෙ තිබුනු මළානික බව පහ වෙලා තිබුනත් සුදුමැලි ගතිය තාමත් එහෙන්මයි.

"අප්පා මං අද අපාර්ට්මන්ට් එකට යනවා. අද ඉඳන් වැඩ පටන් ගන්න ඕනෙ." ජන්ග්කුක් කිව්වම ජේහ්‍යුන් ප්‍රතිචාරයක් දක්වන්න කලින් හේවොන් කතා කලා.

"අනේ පුතා ඔයා ආයිත් ඒ අපාර්ට්මන්ට් එකට යනවද? තාම ඔයාව කිඩ්නැප් කරපු අය නිදැල්ලෙ. අපිට බෑ ඔයාව එහෙ තනියම තියන්න." හේවෝන් අකමැත්තෙන් කිව්වා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now