_______________________________________________________________
" ඔයාගෙ හස්බන්ඩ්වත් එක්කගෙන මෙතනින් යන්න .. , දැන්ම මෙතැනින් යනවා .. ඒ වගේම තමයි එයාට කියන්න ආයෙ කවමදාවත් එයාගේ මූණ මට පෙන්නන්න මං ඉස්සරහට එන්න එපා කියලා .. තව මාව අතෑරල ගියාට මං ස්තූති කරා කියලත් කියන්න .. මම එයා නැතුව දැන් සතුටින් ඉන්නෙ කියලත් එයාට කියන්න .."
ජින්ට පහරක් ගසන්න ඔසවපු අත පහලට හෙලුව ටේහ්යුන්ග් ගැඹුරු හුස්මක් අරගෙන ජින්ට කිව්වෙ මේ දිහා පුදුම ලොකු සතුටකින් යුතුව බලාගෙන ඉන්න ගමන් රසවිඳින මිසිස් කිම්ට ටේහ්යුන්ග් ගෙ දරුණු වචන තව තවත් ලොකු සතුටක් ලබා දෙද්දි ..
Taehyung ඉන්නෙ කේන්තියෙන් වගේම තවත් එයා එක්ක කතා කරල වැඩක් නෑ කියල තේරුම් ගත්ත Namjin දෙන්න හිස් අතින්ම ආයෙමත් ජියෝන් මන්දිරයට එන්න පිටත් වුනේ ඒ කිසිම දෙයක් නොතැකුව ටේහ්යුන්ග් තමන්ගෙ මැරේජ් එකේ ඉතිරි වැඩ වලට අවධානය දෙද්දි ..
ටේහ්යුන්ග් එයාගෙයි අරාගෙයි විවාහයේ විවාහ චාරිත්‍ර වලට අවධානය දෙද්දි ජන්කුක් හිටියෙ තමාටම දොස් පවරා ගනිමින් , වරදකාරී හැඟීමක් සමගින් .. වේදනාවෙන් ජන්කුක් ගෙ හදවත මිරිකිලා .. ඇයි කිව්වොත් මීට ටිකකට කලින් සිද්ධ වුන හැමදේම රූපවාහිනිය ඉස්සරහ ඉදගෙන හිටිය ජන්කුක් සජීවීව නැරඹුවා .. ටේහ්යුන්ග් තමන්ගෙ හ්යුන්ග්ලට අපහාස කරපු විදිය , තමන්ට අපහාස කරපු විදිය වගේම ඔහු තමන්ගෙ හ්යුන්ග්ලට අත උස්සලා විදියත් ජන්කුක් දැක්කා .. ඔම්මා අප්පා ලග නැති ජන්කුක්ට එයාගේ හ්යුන්ග්ල දෙන්න හරියට දෙමව්පියෝ වගේ වුනා .. ඒ තරම්ම ජන්කුක් ඒ දෙන්නට ආදරේ කරා ගරු කරා .. ඒත් අද තමන් නිසාම ඒ දෙන්නට ලොකු පිරිසක් මැද්දෙ අපහාස විදින්න වුනා .. ජන්කුක් ගෙ හිතට වේදනායි .. ගොඩක් වේදනයි ..
YOU ARE READING
SOLD BRIDE || Completed ✅️
Fanficජීවිතේ ගැන ගොඩක් ලස්සන හීන දැකපු තරුණයෙක් .. ආදරවන්තයෙක් .. මනාලයෙක් .. ● ඒත් ඒ හීන ඔක්කොම එක විනාඩියකින් බිඳිලා ගියොත් ඒ හැඟීම කොහොම දැනේවිද ... ........ Tae ♡ Kook ...... Cover by @lchi_jk 2023/04/05 - Taehyung #1 🥇 ...