54 ♡

1.3K 232 37
                                    

______________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________________________________________________


" අපිට ඔයාව තේරුම් ගන්න පුළුවන් ටේ .. ඒත් වුන දේ ආයිත් හරි ගස්සන්න බෑ .. ඔයාලා දෙන්නම ඔයාලගෙ ජීවිතේ ඉස්සරහට යන්න ඕන .."

ජින් කියද්දි ටේහ්යුන්ග් ඇඬුවා .. ගොඩක් ඇඬුවා ..

" නෑ හ්යුන්ග් .. අනේ එපා .. මගේ කූව මගෙන් ඈත් කරන්න එපා .. , මං කරපු වැරදි වලට දඬුවම් විඳින්න මං ලෑස්තියි .. මං ඔයාලට කරපු දේවල් පොලිසියට කියන්නම් .. මං හැමෝම ඉස්සරහ මගෙ වැරැද්දට සමාව ගන්නම් .. ඒත් අනේ ආයෙමත් කූව මගෙන් උදුරගන්න එපා .."

එක හුස්මටම ටේහ්යුන්ග් කියාගෙන ගියා .. ආයෙමත් ජන්කුක් දිහා බලපු ටේහ්යුන්ග් ..

" මට ඔයාව විශ්වාසයි කූ .. , ඒක ඇත්ත මම අරාව මැරි කරා .. ඒත් මම ඔයාට ආදරය කරන එක නතර කළේ නැහැ .. මගේ හදවත තවමත් ආදරේ ඔයාට විතරමයි .. මේ හදවත කවදත් අයිති ඔයාට විතරයි .. මම ආයෙ කවදාවත් ඔයාව අවිශ්වාස කරන්නේ නැහැ .. මට ඔයාට හොද හස්බන්ඩ් කෙනෙක් වෙන්නම් .. මාව දාලා යන්න එපා .. මේ Taehyung ට ඔයා නැතුව ඉන්න බෑ .."

තවමත් කදුළු ගලන දෑස් වලින් ජන්කුක් දිහා ආදරණීයව බලන ගමන් කතා කරපු ටේහ්යුන්ග් ඊලගට තමන්ගෙ දකුණු අතින් ජන්කුක් ගෙ මුහුණ ඇල්ලුවෙ ගොඩක් මෘදුව .. ටේහ්යුන්ග්ට ප්‍රතිචාරයක් විදියට දුක්බර සිනහවක් මුහුණට නගා ගත්ත ජන්කුක් ..

" මට හොද හස්බන්ඩ් කෙනෙක් වෙන්න ඔයා දැන් ගොඩක් පරක්කු වැඩී .. ඔයා මට කරපු දේ ගැන ඇත්තටම පසුතැවෙනවා නම් .. , අරාට හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙන්න .."

අරා ඉන්න පැත්තට ඇඟිල්ල දික් කරපු ජන්කුක් කිව්වා .. දැන් හිතනවද අරා කොයිවෙලාවෙද මෙතෙන්ට ආවෙ කියලා .. ඇත්තෙන්ම කිව්වොත් මේ drama එක පටන් ගත්ත වෙලාවෙමයි අරා එතනට ආවෙ .. තවමත් මන්දිරයෙ පිවිසුම් ද්වාරය අසල හිටගෙන නිහඩව වුන හැමදේම දිහා බලාගෙන ඉන්න අරා දිහාවට සිහින් සිනාවක් පෑ ජන්කුක්ට අරා ආපිටට හිනාවුනා ..

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now