Room no.302
ටේහ්‍යොන්ග් කලුපාට කලිසමයි, අලුපාට සැහැල්ලු ශර්ට් එකකුයි ඇදලා, සිනිදු කොණ්ඩෙ නළල පුරා වැටෙන්න දාලා හිටියා... ටේහ්‍යොන්ග් ගෙන් අද අමුතු කඩවසම් බවක් පේන්න තිබුනා... ටේහ්‍යොන්ග් මොන හරි විදියකින් සතුටින් හිටියා... රූම් ඩෝ එක ලග හිටගෙන ටේහ්‍යොන්ග් හොද හුස්මක් අරගෙන අතේ තියෙන වයිට් රෝස් බොකේ එක දිහා බලලා හිනාවුනා...
වයිට් රෝස් හරියට ජන්කුක් වගේ... අහිංසක ලස්සනයි, ටේහ්‍යොන්ග්ට ජන්කුක් නහය අකුලගෙන ලැජ්ජාවෙන් හිනාවෙන විදිය මතක් වුනා... ඔහ්! ටේහ්‍යොන්ග් අත උස්සලා දිග ඇගිලි දිහා බලලා, ඩෝ බෙල් එක රින්ග් කරලා, උගුර පෑදුවා... විනාඩි 5කට වඩා බලාගෙන හිටියත්, දොර ඇරුනේ නැති නිසා ටේහ්‍යොන්ග් ආයේ බෙල් එක රින්ග් කරා...
සමහරවිට ජන්කුක් හොටෙල් රූම් එකේ නැතුව ඇති කියලා ටේහ්‍යොන්ග්ට හිතුනා... ටේහ්‍යොන්ග් තව ටික වෙලාවක් බලාගෙන ඉදලා බර හුස්මක් පහත දැම්මා... යනවා කියලා හිතනකොටම රූම් ඩෝ එක ඇරුනා... ටේහ්‍යොන්ග්ගේ ඇස් දෙක දිලිසෙන්න ගත්තා...
ජන්කුක්ගේ අවුල් වුන කොණ්ඩේ, ඉදිමුණ රෝසපාට කම්මුල්, උල් වුන තොල්, ජන්කුක්ගේ ෆිට්ස් ඇබ්ස්, ජන්කුක් ගොඩක් වෙනස් වෙලා... රෝස් කලර් ස්වේට් ශෝර්ට් එකක් ඇදලා හිටිය ජන්කුක් නිදිමතේ එක ඇහැක් ඇරලා කොණ්ඩේ පිටිපස්සට කරලා හදලා දොරෙන් එලියේ ඉන්න ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ජන්කුක්ගේ ඇස්දෙක ලොකුවුනා... ජන්කුක් ඇස් පිල්ලම් ගහලා, හොදට ඇස් ඇරලා බැලුවා...
"මිස්ට කිම්" ජන්කුක් කිව්වම ටේහ්‍යොන්ග් අමාරුවෙන් හිනාවුනා...
"ගුඩ් මෝනින් ජන්කුක්"
"ඇයි ආවේ" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන ඇහුවම ටේහ්‍යොන්ග්ට අපහසුතාවයක් දැනුනා... "අහ්?"
"මට ඔයා එක්ක මීටින් එකක් තියෙනවද මේ වෙලාවේ, මම දන්න විදියට නෑ, මගේ මැනේජර් මාව දැනුවත් කරේ නෑ, සෝ ඇයි මිස්ට කිම් මගේ රූම් එකට ආවේ මේ වෙලාවේ" ජන්කුක් පපුව ඉස්සරහින් අත් බැදගෙන ඇහිබැමක් උස්සලා ඇහුවා... ටේහ්‍යොන්ග් පහලට වැටිලා තියෙන අතේ මල් පොකුර දිහා බැලුවා... වයිට් රෝස් වගේ අහිංසක ඉස්සර ජන්කුක්... ටේහ්‍යොන්ග් හොද හුස්මක් අරගෙන ජන්කුක් දිහා බැලුවා... ජන්කුක්ගේ කම්මුල් තද රෝසපාට වෙලා...
VOCÊ ESTÁ LENDO
what happen to the NERDY ||vkook||
Fanfic[ sequel to the nerdy AND the handsome] "Taehyung looks at jungkook like he just realize what love IS"