31

1.4K 319 103
                                    

ජන්ග්කුක් හිටියෙ පරීක්ෂණාගාරයක හිර කරලා. රාමු කරපු විශාල පෙට්ටියක් වගේ කුටියක් ඇතුලෙ බිත්තියට සවි කරපු දම්වැල් වලින් ජන්ග්කුක්ගේ අත් බැඳලා දාලා තිබුනා. කකුල් වලටත් දම්වැල් දාලා තිබුනත් ජන්ග්කුක් හිටියේ හිටගෙන. එයාගෙ හිස බිමට නැඹුරු වෙලා තිබුනත් එයාගෙ ඇස් ඇරිලා එයාගෙම කකුල් දෙකට යොමු වෙලා තිබුනා. හැබැයි ඒ බැල්මෙ තිබුනෙ හිස්බවක්.

ඒත් ඒක නෙමෙයි වැදගත්ම දේ. ජන්ග්කුක්ගේ මුලු නිරුවත් උඩුකයටම, ඒ වගේම ඔලුවටත් වයර් සම්බන්ධ කරලා තිබුනා. ඒ ඔස්සේ ජන්ග්කුක්ගේ ශරීරයේ සිදු වෙන වෙනස්කම් නිරීක්ෂණය කරමින් පිරිසක් වීදුරු කුටිය ඉදිරියේ හිටියා.

එයාලා විශාල පරිගණක තිර වල දිස්වෙන ජන්ග්කුක්ගේ මොළය විමර්ශනය කරමින් හිටියා.

"සාමාන්‍ය මනුස්සයෙක්ගෙ වගේමයි. එයාගෙ පවර්ස් එන්නෙ අර මාලෙ නිසා. ඒක ගලවලා අරන් එන්න. අපි ඒක චෙක් කරමු." එකෙක් කිව්වා.

එතකොටම දොර ඇරගෙන ඇතුළට ආවෙ මාක්.

"කොහොමද තත්ත්වෙ?" මාක් ඇහුවේ ඈත වීදුරු කුටියෙ ඉන්න ජන්ග්කුක්ටත් බැල්මක් හෙළලා.

"හැමදේම සාමාන්‍යයි බොස්. අපි බැලුවෙ ඒ මාලෙ චෙක් කරන්න. අපි හිතන විදිහට ඒ මාලෙන් තමයි එයාගෙ බොඩි එකට එනර්ජි එකක් පවර් එකක් සප්ලයි වෙන්නෙ."

එක සයන්ටිස්ට් කෙනෙක් කිව්වම මාක් හිස වැනුවා.

"කරගෙන යන්න." එයා කිව්වා.

ඊළඟට කෙනෙක් ගියේ ජන්ග්කුක්ගේ මාලෙ ගන්න. පුංචි චිප් එකක් ඇතුලු කරලා වීදුරු ද්වාරය දෙපසට විවර කරපු ඒ කෙනා ජන්ග්කුක් ගාවට ගියත් ජන්ග්කුක් නෙමෙයි ඔලුව උස්සලා බැලුවෙ.

ඊළඟට ඒ කෙනා ජන්ග්කුක්ගේ මාලෙ ගන්න සූදානමින් මාලෙට අත තියන්න හැදුවත් විශාල නිල් පාට ආලෝක ධාරවක් එක්ක ශක්තියක් පිටවෙනවත් එක්කම ආපු කෙනා වීදුරු දොර කඩාගෙනම විසි වෙද්දි මුලු විද්‍යාගාරයේම යන්ත්‍ර සූත්‍ර පුපුරා ගිහින් විදුලිය විසන්දි වුනා.

මුලු විද්‍යාගාරයම කළුවරේ ගිලෙද්දි මාක්ගේ කෝපය පිරුනු වදන් විතරක් ඇහුනා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now