මාගේ හිතළු අනුව ලියැවුනු කතාවක් පමණක් බවත් ,
කිසිවෙකුගේ අදහසක් පිටපත් කර නොමැති බවත් කරුණාවෙන් සලකන්න .
" ෆෙලී පරිස්සමෙන් "හීත සෘතුවෙ හීතල හුලං මුළු පලාතම ලස්සන හිම පියලි වලින් පුරවගෙන යන ගමන් තිබිච්ච ලස්සන හැන්දෑවක් ඒක ..අළුපාට වලාකුලු පිරිච්ච අහසෙන් යන්තමින් වැටුනු දවසෙ අවසාන මලානික ඉර එලිය හිම උඩට යාන්තන් වැටිලා රිදී වගෙ දිලිසෙනවා . ගම වටකරගෙන තිබ්බ කදුවලල්ලම හිම වලින් පිරිලා ගිහින් .
කැලෑව මැද්දෙන් යන්තමින් පේන්න තිබ්බ අඩිපාර දිගෙ දුවගෙන ආවෙ රිදී පාටම කොන්ඩයක් තිබ්බ පුංචි කොල්ලෙක් ..කළු පාට හරි සනීප ලොම් කබායකින් එයාව ඔතලා තිබ්බෙ නැත්නන් ,දකින කෙනෙක් එයාවත් මේ හිම අස්සෙම ඉන්න පුංචි හිමමලක් කියලා රැවටෙන්න තිබ්බා. මාස්මෙලෝස් වගේ සොෆ්ට්ම සොෆ්ට් චබී කම්මුල් හීතලට රතුපාට වෙලා ..හරියට සුදුරෝස මලක් උඩින් ස්ට්‍රෝබෙරි සිරප් ටිකක් වත්කරලා වාගෙ.
" ෆෙලී නවතින්න "
"ඩේව්..ඩේව්ට පුළුවන් නන් ෆෙලී අල්ලන්න .."
පිටිපස්සෙන් දුවන් ආපු රතුපාට කොන්ඩයක් තිබ්බ අවුරුදු දාහතරක විතර තමන්ගෙ අයියා දිහා හැරිලා බැලුව ෆෙලී තමන්ගෙ ලස්සන දත් ටික පෙන්නලා හරි අහිංසක විදියට හිනාවෙලා ආයෙමත් කලින්ටත් වඩා හයියෙන් දුවන්න ගත්තා. ටිකින් ටික කලුවර වැටෙද්දින් මල්ලි පස්සෙ පන්නගෙන ආව ඩේව්ට වනාන්තරේ එක තැනකදි එයාගෙ මල්ලිගෙ හිම සුදු කොන්ඩෙ මගෑරුනා ...
මේ අස්සෙ දිගටම කැලෑවෙ හිම පිරුනු පොලොවෙ ලිස්සගෙන වගේ ආපු පුංචි ෆෙලී නැවතුනෙ එක ගහක්වත් නොතිබුනු මීට කලින් එයා වනාන්තරේ නොදැක්ක තැනකට ඇවිත් .ඒක හීතලට මිදිලා ගිහින් තිබ්බ ලස්සන විලක්...බිම්කරුවල වැටිලා තිබ්බත් එතන හරි එලියයි .ගස් නොතිබ්බට හිමෙන් මිදිලා ලස්සනට දිලිසුනු මල් පදුරු ගොඩාක් ඒ වටේ වවලා තිබ්බා
ගොඩක්ම ලස්සන සුදු රෝස මල් ....
ගැඹුරු මුහුදෙ නිල්පාටක් ගත්ත ඒ බෝල ඇස් වලින් වටපිට බලන ගමන් ,හිතේ තිබ්බ කුතුහලේටම තව ටිකක් ඒ පැත්තට ලං වුනු ෆෙලී යාන්තමට දිලිසෙන ගමන් තිබ්බ හිමෙන් මිදුනු සුදුරෝස මලක් එයාගෙ පුංචි බෝල ඇගිලි වලින් ඇදලා පරිස්සමින් කඩාගත්තා...ඒත් එක්කම වගෙ මෙච්චර වෙලා ලස්සනට දිලිසෙන ගමන් තිබ්බ ඒ තැන අන්ධකාර උනෙ ,ලොකු හිමකුනාටුවක් එක්ක තද හුලං ගහගෙන ඇවිදින් පොඩ්ඩවත් තල්ලු කරන ගමන් ..වීදුරු වගෙ අයිස් පතුරු ඇවිදින් ෆෙලීගෙ පුංචි ඇගේ යන්තම් තුවාල කරන ගනන් වැදෙද්දි ... වීදුරු වගෙ අයිස් මිදුනු පොලව යන්තන් ඉරිතලන්න ගත්ත විදිය පුංචි ෆෙලීට පෙනුනෙ නෑ..
" අයිති නැති දේවල් අල්ලන්න එපා දරුවා "
හීතල හිම කුනාටුව නිසා අමාරුවෙන් ඇස් ඇරලා බලපු ෆෙලී දැක්කෙ තමන් දිහා ඈත ඉදන් බලන් ඉන්න අළු පාට ලොම්ගොඩක් එක්ක දිලිසෙන ඇම්බර් පාට ඇස් දෙකක්.
"ෆෙලී .ඔතනින් අයින් වෙන්න "
ඒත් එක්කම දුවගෙන ආපු ඩේව් තමන්ගෙ මල්ලි ඉන්න තැනට එන්න හැදුවත් ඒ වෙනකොටත් පරක්කු වැඩියි ..
මිදිලා තිබ්බ අයිස් ඉරිතලලා සුදු රෝස මලකුත් එක්කම පුංචි ෆෙලී මිදිලා තිබුනු අයිස් විල අස්සෙ ගිලිලා ගියා ..
( මං කලින් ලියලා තිබුනු remember fanfiction එකේ non fic version එක මේ .)
YOU ARE READING
Snowflakes || හිම පියලි ( hyunlix)
Fanfiction"මේපල් කොල ඉර එලියෙන් දිලිහෙන කාලෙට වඩා මං ආස මේපල් අයිස් වලින් මිදිලා තියෙනවා බලන්න. හීත සෘතුවෙ අයිස් වලින් මිදුනු සුදුරෝසමල් තමයි ලස්සනම . මං අහලා තියෙනවා හිම පියලි දියවෙන්න කලින් සුදුරෝසමල් දුන්නොත් එයාලා සෝල්මේට්ලා වෙනවලු " ඉතින් හිම මැකිලා යන්...