Someones pov:
ඔයා කෙනෙක්ට ආදරේ කරනවද?? ඒ කෙනා ඔයාටත් ආදරේද?? හරියටම දැන ගන්නෙ කෝමද එයා කරන්නෙ බොරුවක් නෙවෙයි කියලා... ලව් එලාම් එකක්වත් තිබ්බානම්... එක දිගට ආදරේ නිසා රැවටෙද්දි, ජීවිතේ විනාස කර ගන්න තරමටම එපා වෙද්දි, ඔයාට හැගෙන හැඟීම මොකක්ද?? ඒ වගේ හැඟීමක් කකවදාහරි දැනිලා තියේද?? ආදරේ කරන්න කලිම් දෙපාරක් හිතන්න... නෑ පිස්සුද... දහස් පාරක් හිතන්න... එයා ඔයාට ඇත්තටම ආදරේද කියලා... අදැකීමෙන් කියන්නෙ... මොකද ආදරේ නිසා නැත්තටම නැති වෙච්චි කෙනෙක් මං... කොල්ලො පේන්න බැරි කර ගන්න එපා... ආදරේ නොකර ඉන්න... කෙනෙක් ඔයාට බොරු කලොත් ඒක එයාගෙ වැරැද්දක් නෙවෙයි... වැරැද්ද ඔයාගෙ... ඇයි ඔයා එයාට රැවටුනෙ?? ඔයා කෙල්ලෙක්... එහෙම නේද?? හැමෝම ඇඟිල්ල දික් කරන්නෙ ඔයාට... ඉතිම් දහස් පාරක් හිතන්න...
"නූනා... නූනා... යා...."
"ඕ...කියන්න"
"ඔයා තාමත් එයා ගැන හිතනවද?"
"නෑ මිමී.."
"හුම්..."
ඒ මගෙ මල්ලි... මං රිම්... රිම් ස්මිත්... මේක මගෙ කතාව.
"රිම්..."
"ඕ මමා"
"ඔයාව හම්බෙන්න කෙනෙක් ඇවිත්"
"ඕහ්... මං එනවා මමා... වෙයිට් අ සෙක්"
කවුද මාව හොයාගෙන ආවෙ බලන්න මං පහලට ගියා... කෙනෙක් හිටියා පිටිපස්ස හැරිලා... හුරුපුරුදුයි... මං හිතන කෙනාමද කියලා බලන්න එයාගෙ උරහිසට තට්ටු කරන්න හදනකොටම එයා මගෙ දිහා හැරුනා...
"රිම්..."
"ඔ..ඔයා..."
ටිකක් විතර චකිතයක් තිබ්බත් මං එයා දිහා කෙලින් බැලුවා... ඒ ඇස් දිහා... එදා වගේමයි ඒ ඇස්... මාව මගාරිනවා..."ඇයි මෙහෙ ආවෙ"
"මෙන්න ගන්න... මං නෙක්ස් මන්ත් මැරි කරනවා..."
"අහ්... බෙස්ටොෆ් ලක්..."
"ඔයා එන්නම ඕනි..."
"හරි..."
"ඕක්... සී යූ..."
ඔව් ඒ එයා තමා... වෙනස් වෙලා ටිකක්... ඔව් ඉතින් දැන් කොච්චර කල්ද... වෙන්ස් උනේ නැත්තම් තමා පුදුමෙ...