ටේහ්‍යොන්ග් ඊලග දවසේ උදේම ආයේ කොරියාවට ආවා... පැරිස් වලදි වුන සිද්ධිය ලෝකේ වටේම පැතිරිලා තිබුනා... ටේහ්‍යොන්ග්ට වඩා ජන්කුක් ෆේමස් මොඩල් කෙනෙක් නිසා... ටේහ්‍යොන්ග්ට එන කෝල් වලට දෙන්න උත්තර තිබුනේ නෑ...
ටේහ්‍යොන්ග් කාර් එකෙන් බැහැලා TK company එක ඇතුලට ඇවිදගෙන ගියා... Elevator එක ලගදී ටේහ්‍යොන්ග්ගේ සෙකට්‍රි ඈන් හිනාවෙලා ටේහ්‍යොන්ග් එක්කම elevator එකට නැග්ගා... ටේහ්‍යොන්ග් වෙනදා වගේම කිසිම හිනාවක්, හැගීමක් නැති මූණෙන් ඔලුව වැනුවා...
"සර් world model association එකේ ඩිරෙක්ට සර් එක්ක ස්කයිප් මීටින් එකක් තියන්න රික්වෙස්‍ට් කරා, සර් එකපාරටම පැරිස් වලින් නොකියම ගිය නිසා" ඈන් ටිකක් බයෙන් වගේ කතා කරා... ඈන් ඇත්තටම ටේහ්‍යොන්ග්ට බයවුනා... ටේහ්‍යොන්ග්ට තරහා ගියාම පාලනය කරන්න ඇත්තටම අමාරුයි, විශේෂයෙන් බිස්නස් වැඩ වලදී, "මගේ Schedule එක බලලා අද මීටින් එක දාගන්න" ටේහ්‍යොන්ග් කෙලින් කියලා elevator එක නැවතුනාම බැහැලා ගියා... ඈන් දුවගෙන වගේ ගිහින් ටේහ්‍යොන්ග්ගේ ඔෆිස් රූම් එක ලග රිසෙප්ශන් එකෙන් බඩු ටික තියලා වැඩ පටන් ගත්තා...
පැයකට විතර පස්සේ ඈන් මීටින් එක ඕගනයිස් කරලා, ලැප්ටොප් එක අරගෙන ටේහ්‍යොන්ග්ගේ ඔෆිස් රූම් එකේ දොරට තට්ටු කරා... එන්න කියලා ඩීප් වොයිස් එක ඇහුනම ඈන් ඇතුලට ගිහින් දොර වැහුවා... "සර් ඩිරෙක්ට හෙලෙන් මීටින් එකට කෝල් කරා" ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා... ඈන් ලැප්ටොප් එක ඇරලා ටේහ්‍යොන්ග් ඉස්සරහින් තියලා, ස්කයිප් කෝල් එක ඕකේ කරලා දුන්නා...
"හෙලෝ මිස්ට කිම්" හෙලෙන් හිනාවෙලා කිව්වම ටේහ්‍යොන්ග් ආයේ ඔලුව වැනුවා... "හෙලෝ ඩිරෙක්ට හෙලෙන්" ටේහ්‍යොන්ග් වැලමිට මේසෙට තියලා ස්ක්‍රීන් එක දිහා බැලුවා... හෙලෙන් කොණ්ඩේ හදන්න ගොඩක් වෙලා ගත්තා... ඈන් යටිතොල හපාගෙන ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ටේහ්‍යොන්ග්ට හෙලෙන්ගේ විකාර වලට කොයි වෙලාවේ තරහා යයිද කියලා ඈන් බයෙන් හිටියේ...
"ඩිරෙක්ට හෙලෙන්ට මොකද්ද කියන්න තියෙන්නේ, මේ මීටින් එකේ තේරුම" ටේහ්‍යොන්ග් ඇහිබැමක් උස්සලා ඇහුවා... ඈන් අතේ ගුලි කරගත්තා... "ඔහ් මිස්ට කිම්" හෙලෙන් ලස්සනට හිනාවුනා... "අපි ඔයාගෙන් සමාව ගන්නවා අපේ association එකේ මොඩල් කෙනෙක්ගෙන් වුන වරදට, ඇත්තටම මොඩල් JK ඔයාගෙන් සමාව ගන්න කියලා අපි යවපු රික්වෙස්‍ට් එක Reject කරා, සෝ ඩිරෙක්ට බෝඩ් එක තීරණය කරා කෙලින්ම මිස්ට කිම්ගෙන් සමාව ගන්න" හෙලෙන් යටිතොල හපාගෙන ටේහ්‍යොන්ග්ගේ මූණ දිහා බැලුවා...
YOU ARE READING
what happen to the NERDY ||vkook||
Fanfiction[ sequel to the nerdy AND the handsome] "Taehyung looks at jungkook like he just realize what love IS"