--- පලවෙනි කොටස ---
උප ප්‍රධාන පොලිස් පරීක්ශක සේනාධීරගේ කාර්‍යාලයත් අසේල එතෙක් කල් ගිහින් තියෙන අනික් ඔෆිස් කාමර වගේම තමයි. සේනාධීර මහත්තයා ඉඳගෙන ඉන්න පුටුව පිටිපසේ බිත්තියේ රාජ්‍ය ලාංඡනයට යටින් එල්ලීගෙන විරිත්තලා බලාගෙන ඉන්න ජනාධිපතිතුමා.. බොහොම අපහසුවෙන් වගේ කැරකෙන සිවිලිම් පංකාව... මේසේ උඩ ප්ලාස්ටික් මල් පෝච්චියට එහාපැත්තේ ගොඩ ගැහුණු රතු පාට කොල පාට ෆයිල් කවර තොගේ... එතැන තිබුනේ පොලිස් විශේශ කාර්‍ය බලකායේ මෙහෙයුම් අංශයේ ප්‍රධානියගේ කාර්‍යාල කාමරේට වඩා නමක් නාහපු පොලිස් ස්තානයක කොස්තාපල් කෙනෙක්ගේ පැමිණි ලියන කාමරේකට ගැලපෙන පෙනුමක්.
"මේ අවුරුදු දහයට කැප්ටන්ට මීට වඩා ප්‍රමෝශන් ගන්න චාන්ස් තිබිලා තියෙනවානේ..." සේනාධීර මහත්තයා අසේලගෙන් ඇහුවාමත් නෙමෙයි. එයාටම කියාගත්තා.
අසේලට උත්තරයක් හැටියට දෙන්න අවශ්‍යතාවයක් නැහැ. සේනාධීර මහත්තයාගේ අතේ දිග හැරගෙන ඉන්න අඟලක් විතර ඝනකමට කොල ගොඩ ගැහුන ෆයිල් කවරේ අසේල විශේශ කාර්‍ය බලකායට බැඳුන දවසේ ඉඳලා මෙතෙක් වෙනකල් කරපු හැම මිශන් එකකම විසතර... අසේලගේ පර්ෆොමන්ස්... වැඩ කරපු තැනවල විස්තර හැම දෙයක්ම කිසිම අඩුපාඩුවක් නැතුව ලියැවිලා තියෙනබව එයා දන්නවා.
අසේලට තරමක පුදුමයක් හිතට මතුවුනෙත් ඒකමයි.
වෙනදට මොකක් හරි අලුත් මිශන් එකක් භාරදෙන්නේ අසේලගේ ඉමීඩියෙට් සීනියර් ඔෆිසර්. මෙහෙයුමට සම්බන්ධ හැම කෙනාවටම් එකම කාමරෙකට දාලා පැයක දෙකක ඩීටෙල් ඩිලිවරි එකකින් පස්සේ වැඩේ පටන් ගැනෙනවා. මෙදා ගමන අසේලව කෙලින්ම මෙහෙයුම් අංශයේ ප්‍රධානියාගේ ඔෆිස් එකටම එන්න කියලා. බැලූ බැල්මට වෙන කවුරුන්වත් සම්බන්ධ පාටක් පේන්නත් නැහැ.
YOU ARE READING
යලි නොඑන මතුදිනෙක | If Tomorrow Never Comes
Romanceවිශේෂ කාර්‍ය බලකා බුද්ධි අංශයේ, කැප්ටන් අසේල මුතුකුඩගේ අලුත්ම මෙහෙයුම එයාගේ බාප්පා ගැනම ඔත්තු බලන්නයි! ජූඩ් මුතුකුඩගේ පර්සනල් ඇසිස්ටන්ට් විදිහට රඟපාන දෙනුවන්ට ලංවුනා නම් සේරම රහස් ලේසියෙන් එළිකරගන්න පුළුවන් කියලා අසේලට විශ්වාසයි. හුරුබුහුටි... හුරතල...