seven

1.3K 302 47
                                    

ටේහ්‍යොන්ග් ඔෆිස් රූම් එකේ වාඩිවෙලා නොයිවසිල්ලෙන් ෆෝන් එක දිහා තියුණු ඇස් වලින් බලාගෙන හිටියා... පැයක් ගත වෙලත් ටේහ්‍යොන්ග්ට තාම ඕන කෝල් එක ආවේ නෑ... කලබලෙන් සිගරට් එකක් අරගෙන ටේහ්‍යොන්ග් එතනම ඉදගෙන පත්තු කර ගත්තා... ටේහ්‍යොන්ග් කලබල වෙලා හිටියා... ජන්කුක් කොරියාවට ඇවිත් සති දෙකක් ගතවෙලා තිබුනා... එයාපෝර්ට් එකෙන් ජන්කුක්ව මිස් වුන නිසා ටේහ්‍යොන්ග්ට තාමත් ජන්කුක් කොහෙද කියලා හොයාගන්න බැරිවුනා...

ටේහ්‍යොන්ග් හොයන්න පුලුවන් හැම විදියටම මේ සති දෙක ජන්කුක්ව හෙව්වා... ජන්කුක් යයි කියලා හිතන්න පුලුවන් හැම තැනම ටේහ්‍යොන්ග්ගේ මිනිස්සු හිටියා... ඒත් ජන්කුක් ගැන කිසිම සළකුණක් තිබුනේ නෑ...

ටේහ්‍යොන්ග් සිගරට් දුම ගොඩක් ඇදලා අරගෙන පිටට දාන්නේ නැතුව පපුව ඇතුලේ පුරව ගත්තා... පපුවට දුම පුරවගෙන හරිම හිමින් දුම පිට කරන එකෙන් ඇත්තටම ටේහ්‍යොන්ග්ට අමුතු සහනයක් දැනුනා... ස්ට්‍රෙස් එක හිමි හිමින් පිට කරනවා වගේ... සිගරට් එක ඉවර කරලා, තව එකක් කේස් එකෙන් ගන්න යනකොටම ටේහ්‍යොන්ග්ගේ ෆෝන් එක රින්ග් වුනා... ටේහ්‍යොන්ග් ඉක්මනට නම්බර් එක නොබලම ආන්ස්වර් කරා...

"යස්"

" CEO Kim taehyung? May I ask" එහා පැත්තෙන් ඇහුනම ටේහ්‍යොන්ග් ඇහිබැම රැලි කරගත්තා... "‍යස් ස්පීකින්ග්"

"මිස්ට කිම්, අපි Seoul National University එකෙන්, මිස්ට කිම් Graduate වුනේ අපේ යුනිවර්සිටි එකෙන් එහෙමනේ?" ටේහ්‍යොන්ග් හොද හුස්මක් ගත්තා... "‍යස්"

"සෝ මේ අවුරුද්දේ Get together එකට මිස්ට කිම්ට Chief guest විදියට ඉන්වයිට් කරන්න ඩිරෙක්ට බෝඩ් එකෙන් ප්ලෑන් කරලා තියෙනවා"

" කවදද?" ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවුනා... "This saturday Mr.kim" ටේහ්‍යොන්ග් නහය උඩ කැසුවා... "Guest list එක මට ඊමේල් කරන්න ඊටපස්සේ මම මගේ උත්තරේ දෙන්නම්" ටේහ්‍යොන්ග් එහා පැත්තෙන් උත්තර ලැබෙන්න කලින් කෝල් එක කට් කරා...

ටේහ්යොන්ග් ෆෝන් එක ග්ලාස් ටේබල් එකට තට්ටු කරන ගමන් ලැප්ටොප් එක දිහා බලාගෙන හිටියා... පැය කාලක් විතර යනකොට ටේහ්‍යොන්ග්ගේ සෙකට්‍රිගේ ඊමේල් එකට ඊමේල් එකක් ආවම ටේහ්‍යොන්ග් ඉක්මනට ඕපන් කරා...

what happen to the NERDY ||vkook||Où les histoires vivent. Découvrez maintenant