34

1.5K 313 157
                                    

ජන්ග්කුක්ගේ උපන් දින සාදයට තව තිබුනේ දින කීපයක් විතරයි. එයාගෙ යාළුවො වගේම හියුන්ලා මේ දවස් වල කල්පනා කරේ ජන්ග්කුක්ගේ උපන්දින සාදයට අරන් යන්න ගන්න තෑග්ග මොකද්ද කියලා.

දැනුත් එයාලා ජන්ග්කුක් ලෙක්චර් එකක ඉන්න අතරෙ හිස් හෝල් එකක වාඩි වෙලා කතා කලේ ඒ ගැන.

"නිකන් පෙට්ටියක් හරි උස්සන් යමු නැත්තන් චාටර්නෙ." යුන්ගි කිව්වේ කල්පනා කරලා බැරිම තැන. මොකද සාමාන්‍ය තෑග්ගක් අරන් යන්න ඒක සාමාන්‍ය උපන්දින සාදයක් වුනේ නෑ.

"නෑ එහෙම ඕනෙ නෑ, අපිට අනිත් මිනිස්සු හිතන ඒවා වැඩක් නෑ. කුක් උනත් මේ දේවල් වලට ආස නෑ. අපි පොඩි දෙයක් දුන්නත් එයා ඒකෙන් ගොඩක් සතුටු වෙනවා. ඒ නිසා අපි මොනවහරි එයාට ඕන කරන පොඩි දෙයක් දෙමු." නම්ජුන් කිව්වා.

"හරි එහෙනම් මං එයාට අරන් දෙනවා බොක්සින් ග්ලව්ස් දෙකක්." ජිමින් ඉක්මනින් කිව්වේ වෙන කෙනෙක්ට ඒ අදහස ඇති වෙන්න කලින්.

"ඒවා එයා ගාව ඕන තරම් ඇති." හොබී කිව්වම ජිමින්ගෙ බලාපොරොත්තු සේරම සුන් වුනා.

"හහ්, මේක හරි යන්නෑ. එයාලා සල්ලිකාරයෝ. කුක්ට ඕන කරන හැමදේම දැනටමත් එයාට අප්පා අරන් දීලා ඇත්තෙ." ජිමින් කිව්වේ ඒ කළකිරීමෙන්මයි.

ටිකක් වෙලා එයාලා කරේ කල්පනා කරපු එක. මේ අතරේ ටේහ්‍යුන් ව්‍යාකූලව අනිත් අය දිහා බලන් හිටියේ සිද්ද වෙන්නෙ මොකක්ද කියලා අවබෝධයක් නැතුව.

"ඔයාලා ඇයි ජන්ගූට එකේක ඒවා අරන් දෙන්න හදන්නෙ? එයාට සේරම තියෙනවා නම් මුකුත් අරන් දෙන්න එපා." ටේහ්‍යුන් කිව්වා.

"ඔහ් ඔයා දන්නැතුවැති birthday එකක් උනාම එහෙම තමා. Birthday එක සමරන කෙනාට අනිත් අය තෑගි අරන් දෙනවා." ජිමින් කිව්වම ටේහ්‍යුන් ඇස් දෙක ලොකු කරගත්තා.

"ඒ උනාට ජන්ගූට බර්ඩ්ඩේ එකක් නෑ ටේටේට වගේම. අපි දෙන්නා අපේ බර්ඩ්ඩේ දාගත්තා එකම දවසක. ඒ ජනවාරි 26. ජන්ගූ කිව්ව එදාලු එයා මාව හොයාගත්තෙ. ඔයාලා එදාට අපි දෙන්නටම තෑගි දෙන්න." ටේහ්‍යුන් එයාගෙ බොක්සි හිනාවෙන් හිනාවෙලා කියද්දි අනිත් අය ඇස් රෝල් කරා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Wo Geschichten leben. Entdecke jetzt