තුන

1.1K 202 53
                                    

--- තුන්වෙනි කොටස ---

අසේලට ගොඩ වෙලාවක් බලාගෙන ඉන්න වුනේ නහැ. ක්ලබ් එකේ වී. අයි. පී. ඒරියා එකට අසේලව තල්ලු කරගෙන වගේ ගිය ආරක්ෂකයෝ දෙන්නා එතැන පුද්ගලික කුටියක් ඉදිරියේ නතව වුණා. අනෙක් මිනිස්සුන්ගේ ඇස්වලින් වෙන් කෙරුණු එතැන කලබකාරි නැති... සද්දබද්ද අඩු... තැනක්.

අඳුරු වටපිටාව ආලෝකමත් වුනේ ලා පාට... රතු පාට... පොඩි විදුලි බුබුලුවලින්. ඇහෙන සංගීතයත් මැඩගෙන වැසුණු දොර ඇතුලෙන් මතු වුණ බාප්පාගේ ගොරෝසු හිනා හඬ අසේල අහුන අසේලට දැනුනේ තරමක අප්පිරියාවක්. 'ඒත්- දැන් පහුබහින්න වෙලාවක් නැහැ....' අසේල එයාටම කියාගෙන හොඳ සොල්දාදුවෙක් වගේ හිත දැඩි කරගත්තා. 'මම ආවේ මිශන් එකකට මිසක් බාප්පාගෙන් උදව්වක් ඉල්ලගන්න නෙමෙයි!' අසේල හිතනවත් එක්කම පොලිශ් කරපු මැහෝගනී දොර ඇරුණා.

එලියට ආව ආරක්ෂක අමාත්‍යංශයේ ඉහල නිලධාරියත්... අධිකරණ ඇමතිගේ පුද්ගලික ලේකමුත් කියලා අසේලට හොඳටම විශ්වාසයි. අසේල එයාගේ පුදුමය නවත්වා ගත්තේ පපුව උඩින් අත්දෙක බැදගෙන යන්තම් මුහුණ පහලට කරගෙන. අමුත්තෝ දෙන්නගේ දෙපැත්තේ එල්ලිලා හිටියේ අවුරුදු විසිපහක වගේ කෙල්ලෝ දෙන්නෙක්. ඇඟේ අවශ්‍යම තැන් විතරක් වැහෙන තරමේ පොඩි ගවුම් කෑල්ලකින් සැරසුන කෙල්ලෝ දෙන්නා බූවල්ලෝ දෙන්නෙක් වගේ එතිලා හිටියේ අකමත්තකින් කියලා නම් අසේලට පෙනුනේ නැහැ.

"ඔහෝ... කැප්ටන් අසේල මුතුකුඩ! මගේ ආදරනීය බෑනා පොඩ්ඩ!! දැකපු කල්!!" ජුඩ්ගේ තොල්වල තිබුන හිනාව ඇස්වලට කිට්ටු වෙලාවත් නැහැ. ඒ ඇස්වල තිබුණේ ගොදුරක් දිහාවට කෙල හලන නරියෙක්ගේ වගේ කෑදර බැල්මක්. අසේල පපුව උඩින් බැඳගෙන හිටිය උඩින් බැඳගෙන හිටි අත්දෙක තදකලා. කෙල්ලො දෙන්නගේ අසේලගේ බයිසෙප් දිහා බලලා එකිනෙකාගේ මුහුන බලාගෙන රහස් හිනාවක් පැවා.

"මම පීරිස් මහත්තයයි ගමගේ මහත්තායි එක්කත් කතා කරකර හිටියේත් අසේල ගැනම තමයි! මම පුද්ගලිකවම සහතික වුනා අසේල ඔය වගේ දෙයක් කීයටවත් කරන කෙනෙක් නෙමෙයි කියලා... නැද්ද මිස්ට පීරිස්...?"

"ඔව ඔව්... මම බැලුවා කැප්ටන්ගේ රෙකෝඩ් දිහා... මේක මම හිතන්නේ පුද්ගලික අමනාපයක් නිසා කැප්ටන්ගේ සීනියර් ඔෆිසර් කෙනෙක් කරකවපු කෙස් එකක්ද කොහේද..." ආරක්ෂක අමාත්‍යංශයේ පීරිස් මහත්තය කිව්වේ එක අතක් එයාගේ එල්ලිලා හිටි කෙල්ලගේ පිටදිහාවට යවලා ඇදලා තුරුල්කරගන්න ගමන්. "මොකක්හරි දෙයක් අපිට කරගන්න පුළුවන් වේවි... පුතා බය නැතිව ඉන්න..." පීරිස් මහත්තයාගේ ඇස් කෙල්ලගේ විවර වුණු ගවුමෙන් පෙනෙන පපුව දිහාට කාන්දම වගේ ඇලිලා.

යලි නොඑන මතුදිනෙක | If Tomorrow Never ComesHikayelerin yaşadığı yer. Şimdi keşfedin