----- පස්වන කොටස -----
ඒ වෙනකොට ජූඩ් මුතුකුඩ අසේලට හෝටලයේ සමහර වගකීම් දෙන්න බාර අරගෙන. අසේල බාප්පා එයා ගැන ඇතිකරගත්ත ඒ පොඩි විශ්වාසය රැකගන්න බොහොම ලොකු උත්සාහයක් ගත්තා.
එදා සිල්වර් ලෝටස් අවන්හලේ වඩාත්ම ලාභදායී ඒකකයක් වන ස්පා ඒකකයේ වැඩ සිද්දවෙන හැටි කොහොමද කියලා බලන්න අසේල ගමන්කළේ බාප්පාගේ ඉල්ලීම උඩයි. ස්පා එක බාර මිස් කරුණා අසේලගේ ඇගේ ඇඟේ ගෑවි නොගෑවි යන තරමට කිට්ටුවෙන් හිටගෙන ආයතනයේ වැඩ සිද්ධ වෙන්නෙ කොහොමද කියල විස්තර කරන්න පටන් ගත්තා.
ටික වෙලාවක් යනකොට වැඩ සිද්ධ වෙන්නෙ කොහොමද කියන කතාවට නීත්‍යානුකූල නොවන දේවලුත් එකතු වෙන හැටි අසේල අහගෙන හිටියේ බොහොම ඉවසිල්ලෙන්.
"කස්ටමර් ඇතුලට ගියාට පස්සේ තෙරපිස්ට් එක්ක මොකක්ක්ද කරන්නේ කියන එක අපිට වැදගත් නැහැ කැප්ටන්..." කරුණා මිස්, අසේලට කියන්න ගත්තේ අසේලගේ උරහිස පහල යන්තමින් අතගාන ගමන්. "කස්ටමර්ස්ලා මේවට එන්නේ මොකද කියලා කැප්ටන් දන්නවනේ ඉතින්..."
අසේල ඒවත් දන්න බව අඟවන්න ඔලුව ඉහළ ඉහළ පහළ වැනුවා. එයාගේ අත් දෙක සාක්කු දෙක ඇතුලේ මිටි මොලවාගෙන...
"අපට මාසාජ් තෙරපිස්ට්ලා හැටියට ගර්ල්ස්ලත් ඉන්නවා බෝයිස්ලත් ඉන්නවා-"
"තෙරපිස්ට් කෙනෙක්ගේ සැලරිය කීයද?" අසේල එකපාරටම ඇහුවෙ බොහොම උනන්දුවෙන්.
"තිහක් වගේ මාසෙකට..." කරුණා මිස් විරිත්තලා වගේ හිනා උනා. "ඊට අමතරව එයාලා පුද්ගලිකව හම්බකරන සල්ලි ඔක්කොම එයාලට! ඒ නිසා ඉතිං පඩි අඩුයි කියලා කියන්නත් බැහැ!"
VOCÊ ESTÁ LENDO
යලි නොඑන මතුදිනෙක | If Tomorrow Never Comes
Romanceවිශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ, කැප්ටන් අසේල මුතුකුඩගේ අලුත්ම මෙහෙයුම එයාගේ බාප්පා ගැනම ඔත්තු බලන්නයි! ජූඩ් මුතුකුඩගේ පර්සනල් ඇසිස්ටන්ට් විදිහට රඟපාන දෙනුවන්ට ලංවුනා නම් සේරම රහස් ලේසියෙන් එළිකරගන්න පුළුවන් කියලා අසේලට විශ්වාසයි. හුරුබුහුටි... හුරතල...