"ආයිශ්... මුන්ගෙන් පුදුම කරදරයක් නේ තියෙන්නේ..."
ජන්කුක් ෆෝන් එක දිහා බලාගෙනම එහෙම කිව්වේ ටිකක් තරහෙන් වගේ.
"ජන්කුක් ශී. අදත් ගෙදරට කෑම වගයක් එවලා. මේ දේ කරන්නේ එකම කට්ටියක් වෙන්න බැරිද?"
ජන්කුක් ඉස්සරහින් හිටගත්තූ ජන්කුක්ගේ ගෙදර සිකියුරිටි ගාඩ් එහෙම කිව්වේ සැටියට වෙලා ලොකු කල්පනාවක ඉන්න ජන්කුක් දිහා බලලා.
"අනේ මංදා හ්යොන්ග්. මටත් හිතාගන්න බෑ. හැබැයි තව දුරටත් මෙහෙම කරොත් මටත් ඇක්ශන් එකක් ගන්න වෙනවා."
එහෙම කියපු ජන්කුක් එතනින් නැගිටලා පඩිපෙළ නැගගෙන එයාගේ කාමරේට යද්දී ඒ සිකියුරිටි ගාඩ් එළියට ගියේ සාක්කුවෙන් ෆෝන් එකත් ගන්න ගමන්.
"ජන්කුකා... මොකද්ද සීන් එක? "
"කියලා වැඩක් නෑ හ්යොන්ග්. මටත් තේරෙන්නෑ මුන් මොනා බලාගෙනද මෙහෙම කරන්නේ කියලා. ආමිලා නෙමෙයි මේවා කරන්නේ. සැසෙන්ජර් ලා."
ඇඳේ දිගා වෙලා යුන්ගිට කෝල් එකක් ගත්ත ජන්කුක් එහෙම කිව්වේ මූණත් ඇද කරගෙන.
"හ්ම්ම්.... කෝකටත් පරිස්සමින් ඉඳහං ඈ. තනියම ඉන්න බැරිනං මෙහේ එන්න. හෙට අනිද්දා සී.කේ එකේ වැඩකට LA යන්න තියෙනවත් එක්ක නේද?"
"ඒකනේ කියන්නේ. තනියම ඉන්න නං මං බය නෑ.. මේ... යුන්ගි හ්යොන්ග්. මං එහෙනං පස්සේ කතා කරන්නම් ඔයාලට. අදත් ආමිලා දෙතුන් දෙනෙක් මාව හම්බෙන්න ඇවිල්ලා."
"හ්ම්ම්..."
එහෙම කියපු ජන්කුක් කෝල් එක කට් කරලා ඇඳේ මුනින් අතට ඇලවුනේ ලොකූ හුස්මක් පාත දාන ගමන්. කලින් ඉඳන් ම එක එක තර්ජන ආවාත් මේ මෑතකදී ඉඳන් සැසෙන්ජර්ලා එයාගේ ගෙදරට එක එක ජාතියේ කෑම එවන්න ගත්තු නිසා ජන්කුක් ඒ ගැන හිතුවේ හිතේ කරදරෙන්.
DU LIEST GERADE
SHE SAVE ME || JJK || COMPLETED || ONE SHOT ||
Fanfiction| එයා එහෙම කරයි කියලා මං හිතුවෙම නෑ. මගෙ වාසනාවට ද එයාගේ අවාසනාවටද කියන්න දන්නෑ එයා දුවගෙන ඇවිත් මගේ ඉස්සරහින් හිටගත්තා. ඔයා එහෙම නොකරන්නයි තිබ්බේ. ඔයා කවුද කියලාවත් මං දන්නෑ. ඒත් මට මතකයි ඔයා අන්තිමට මගේ බෙල්ල බදාගෙන කිව්ව දේ. " Don't Trust your s...