---- හයවන කොටස ----
ඒක බුද්ධි අංශයේ සැලසුමක් නෙමෙයි කියලා දැන ගත්ත වෙලාවේ ඉඳලම අසේලගේ ඇඟ පුරාම බොහොම තීව්‍ර අවදිවීමක් ඇති වෙලා. නහර ඇතුලේ ඇඬ්‍රිනලින් ගලාගෙන යද්දී "පලායන්න" නෙමෙයි.... "සටන් කරන්න" හුරුකරපු අසේලගේ ශරීරය දරදඬු වෙලා හීන් දාඩියකින් වෙලිලා ගිහිල්ලා. කොහෙන් උනත් ආයෙමත් උන් මතුවෙයි කියලා අසේලගේ ඇස් උවමනාවෙන් අන්ධකාරය පිරික්සුවා.
ඒත් රාත්‍රියට දල්වපු විදුලි පහන් ආලෝකයෙන් වටේටම දකින්න ලැබුනේ හමාගෙන යන සුළඟට හෙලවෙන ගස් අතු විතරයි.
හැමදෙයක්ම ආයෙමත්ම නිශ්ශබ්ද වෙලා. හරියට ටික මොහොතකට කලින් කිසිම කලබැගෑනියක් උනේ නැහැ වගේ.
වාහනේ පණ ගන්වා ගෙන හිටියට ලොක්කා අංකල් ඒක හෝටලේට එළවගෙන යන පාටක් නෑ. හෝටලේ මුර ආරක්ෂකයෝ දෙන්නා අසේලගේ අණක් ලැබෙනතුරු ඉවසිල්ලෙන් බලාගෙන බලාඉන්නවා.
"පොඩ්ඩක් රවුමක් දාලා බලහල්ලා." අසේල අවසානයේ කිව්වේ එතැන කට්ටිය අඩුවෙන තරමට වටින්ගොඩින් යන කෙනෙක්ගෙ ආවධාණය ලැබෙන්නේ තියෙන ඉඩකඩ අඩුවෙනබව දන්න නිසයි. ඇරත්, ඊලඟට මොකද්ද කරන්නේ කියලා මිනිස්සු අඩුවෙන් දැනගන්න තරමට හොඳයි කියලා අසේලට හිතුනා.
ආරක්ශකයෝ දෙන්නම් බයිසිකලයට නැඟලා අන්ධකාරයේ නොපෙනී යනවත් එක්කම දෙනුවන් වාහනයෙන් එළියට බැහැලා ගහක් මුල වමනෙ කරන්න පටන් ගන්න කොට වාහනේ පැත්තකට හේත්තුව් වුණු අසේල යන්තමින් එයගේ නලල අතගාගත්තා.
'කොල්ල.හොඳටම ශොක්වෙලා..' අසේල එයාටම කියාගත්තේ ඩ්‍රයිවින් සීට් එකේ හිටිය ලොක්කා අංකල් ඉක්මනට දෙනුවන් ගාවට යනවත් එක්කමයි. ආයෙමත් ලොක්කා අංකල්ගේ අතකට වාරු දීගෙන එන දෙනුවන් දකින අසේලට හිතුනේ, එයා නැවත්ත යථාතත්වයට හැරෙන්න අඩුමගානේ තව පැයක්වත් යාවි කියලයි.
ESTÁS LEYENDO
යලි නොඑන මතුදිනෙක | If Tomorrow Never Comes
Romanceවිශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ, කැප්ටන් අසේල මුතුකුඩගේ අලුත්ම මෙහෙයුම එයාගේ බාප්පා ගැනම ඔත්තු බලන්නයි! ජූඩ් මුතුකුඩගේ පර්සනල් ඇසිස්ටන්ට් විදිහට රඟපාන දෙනුවන්ට ලංවුනා නම් සේරම රහස් ලේසියෙන් එළිකරගන්න පුළුවන් කියලා අසේලට විශ්වාසයි. හුරුබුහුටි... හුරතල...