35

1.5K 315 137
                                    

ටේහ්‍යුන්ගේ කම්මුලට වැදුනු තද අතුල් පහරේ සද්දෙන් කාමරේ නිහඬ බව බිඳෙද්දි එයාගෙ ඔලුව ප්‍රහාරයේ ප්‍රබලත්වයට එහාට හැරුනා. ඒ ඇස් වල කඳුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

"ඔම්මා!!" ජන්ග්කුක් කෑගැහුවා.

ඒත් හේවෝන්ගේ දරුණු බැල්ම ටේහ්‍යුන්ගෙන් ඈත් වුනේ නෑ.

"තමුන් මගෙ පුතාගෙ ජීවිතේ බේරගත්ත එකට අපි තමුන්ට ණයගැති වෙද්දි, ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හැදුවද ආ?! කියනවා!!"

හේවොන්ව කේන්තියට වෙව්ලුවා.

"හනී රිලැක්ස් වෙන්න, අපි මේවා කතා කරලා විසඳගමු-"

"ඔයා කටවහගෙන ඉන්න! ඔයත් මේවට වගකියන්න ඕනෙ ජේහ්‍යුන්!" හේවොන් කෑගැහුවේ මේ සිද්දිය දිහා බලන් හිටපු එයාගෙ සැමියට.

"ඔ-ඔම්මා ඕක නවත්තන්න, ටේටේගෙ වැරැද්දක් නෑ. ඇයි එයාට බනින්නෙ? මමයි මේ සේරටම මුල." ජන්ග්කුක් හඬමින් කිව්වා.

ඒත් හේවොන් ඒවා කනකට ගන්නෙ නැතුව තාමත් ඒ දරුණු බැල්මෙන්ම බලන් හිටියේ ටේහ්‍යුන් දිහා.

ටේහ්‍යුන් එයාගෙ කඳුලු පාලනය කරගන්න උපරිම උත්සාහයක හිටියා. එයා දන්නෙ නෑ එයා කරපු වැරැද්ද මොකද්ද කියලා හේවොන්ට මෙච්චරටම කේන්ති ගන්න තරම්. ඒත් එයාට දැන් තේරෙනවා එයාගෙ ජන්ගූ එයාගෙ ඔම්මා අප්පා ඉස්සරහා එයාව ඈත් කරලා තියන්න උත්සාහ කරන්නෙ ඇයි කියලා.

"ඔ-ඔම්මා මං, ම-මං ජන්ගූගෙන් අයුතු ප්‍රයෝජන ගත්තෙ නෑ." ටේහ්‍යුන් බිම බලන් බිඳුනු හඬින් කියද්දි ජේහ්‍යුන්ගේ හිත උනු වුනත් හේවොන් නෙමෙයි ඒ වචන වලට මෙලෙක් වුනේ.

"මෙහෙන් යනවා." හේවොන් කිව්වම ටේහ්‍යුන්ගේ කඳුලු පිරුනු ලොකු ඇස් හේවෝන්ට යොමු වුනා. ටේහ්‍යුන්ගේ විතරක් නෙමෙයි ජන්ග්කුක්ගේ කම්පනයෙන් විශාල වුනු ඇස් එයාගෙ ඔම්මට යොමු වුනා.

"ඔම්මා! ඔයාට බෑ ටේටේව මෙහෙන් එළවන්න!"

"ඇයි බැරි? එයා මෙහෙ කව්ද? එයා අපේ කව්ද හහ්?" හේවොන් කේන්තියෙන් අහද්දි ටේහ්‍යුන්ට තවත් දරාගන්න බැරි වුනා. එයා මාරුවෙන් මාරුවට එයාගෙ ජන්ගූ දිහත් ඔම්මා දිහත් බැලුවා. එයා මේ දෙන්නටම ගොඩක් ආදරෙයි. එයා නිසයි එයා ආදරේ කරන පවුල අද රණ්ඩු වෙන්නෙ කියන හැඟීම දැනෙද්දි ටේහ්‍යුන්ගේ හදවත වේදනාවෙන් රිදුම් දුන්නා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now