----- නමවෙනි කොටස ------
"ඇයි අමුතු වෙලා වගේ?"
දෙනුවන් එයාගෙ සුපුරුදු අහිංසක හිනාවත් එක්ක අහනකොට අසේල බලෙන් වගේ එයාගේ රැළිය හිල තිබුණු නළල මෘදු කරගත්තා.
දෙන්නා හිටියේ අසේලගේ පුද්ගලික ඔෆිස් කාමරේ. ඒක ඔෆිස් කාමරයක් කිව්වට හෝටල් කාමරයක ඇතුලට ලියන මේසෙකුයි තවත් ෆයිල් ටිකකුයි ගෙනල්ල තිබ්බා ඇරෙන්න වෙන වෙනසක් නැහැ. තිර රෙදි විවර කරපු ජනේලවලින් දවල්වරුව ටිකෙන් ටික හවස් වීගෙන එන හැටි අසේලට පේනව. ඇතුල වායු සමනය කරලා තිබුනට අසේලට නම් හිතුනේ ඒසීඑක නවත්තලා ජනේලයක් ඇරලා තිබ්බා නම් හොඳෛ කියලයි.
දෙනුවනුයි අසේලයි උදේ ඉඳන් වැඩ. චීනේ ඉඳන් එන රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමකට රාත්‍රී ආහාර භෝජනයාක් දෙන්න ජූඩ්ගේ හෝටලය තෝරාගෙන. ඒ සාදයේ අමුත්තන්ගේ ලැයිස්තුව... ආහාරපාන ලැයිස්තු... ඇණවුම් කරන්න ඕනේ රටබීම වර්ග... නොයෙක් දේවල් ගැන අවසන් අඩුපාඩු පිරික්සන්න දෙන්නා උදේ ඉඳන්ම කාර්‍යබහුල වෙලා... දවස ගත වෙද්දී අසේල හිතුවේ එයාගේ රංඟනය සාර්ථක ඉදිරිපත් වෙනවා ඇති කියලා වුනත් දෙනුවන් අසේලව විනිවිද දකීවී කියලා නම් අසේල හිතුවේ නැහැ.
සේනාධීර මහත්තයා එක්ක කතාවෙන් පස්සේ දෙනුවන්ව අතේ දුරින් තියාගෙන මෙහෙයුමේ සැකකාරයෙක් හැටියට සලකලා ආශ්‍රය කරන්න හිතාගත්තට, දෙනුවන්ගේ හැසිරීම අසේලට එයාගේ තීරනේ ක්‍රියාත්මක කරන්න ලෙහෙසි කළේ නැහැ.
දෙනුවන් අසේලගේ සුළු වෙනස්කමක් පවා අඳුනාගත්තේ, අසේලව අවුරුදු ගානක් ඉඳලා දන්න අඳුනන කෙනෙක් වගේ... දෙනුවන් එහෙම අසේලව අඳුනගත්ත එක ගැන අසේලට එක අතකින් සතුටුයි. අනිත් අතට-
YOU ARE READING
යලි නොඑන මතුදිනෙක | If Tomorrow Never Comes
Romanceවිශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ, කැප්ටන් අසේල මුතුකුඩගේ අලුත්ම මෙහෙයුම එයාගේ බාප්පා ගැනම ඔත්තු බලන්නයි! ජූඩ් මුතුකුඩගේ පර්සනල් ඇසිස්ටන්ට් විදිහට රඟපාන දෙනුවන්ට ලංවුනා නම් සේරම රහස් ලේසියෙන් එළිකරගන්න පුළුවන් කියලා අසේලට විශ්වාසයි. හුරුබුහුටි... හුරතල...