"දවස් දෙකක්ද එතකොට?"
"දෙකක් යන්නෑනෙ ටේ.උදේ පාන්දර පිටත් උනාම බූසාන් වලට යන්න පැය 5ක් වගේ යයිනෙ නේද? උදේ 9ට පටන් ගන්නෙ සෙමිනා එක.ඉවරවෙද්දි දෙක වගේ වෙයි කිව්වා.මම බැලුවෙ මෙහෙන් 3ට 3.30ට වගේ පිටත් වෙන්න පාන්දරම.දෙකට ඒක ඉවර උනාම එන්න පුළුවන් නෙ රෑ අට නවය වගේ වෙද්දි? ඉතින් දවස් දෙකක් යන්නෑ ටේ.හැබැයි මුලු දවසක්ම යනවා"
"එතකොට ජූන් හි.............."
තේහියුන් කියන්න ගිය එක නවත්තගත්තෙ ජින්ගෙ පිටිපස්සට වෙලා ට්‍රැෆික් පොලිස් කාරයෙක් වගේ අත් එහෙට මෙහෙට වන වන දගලන නැම්ජුන්ව දැකලා.
"මොකද්ද ජූන් කිව්වෙ?"
ජින් ඇහුවෙ නැම්ජූන් තමන්ගෙ පිටිපස්සෙ ඉන්නෙ කියලා නොදැන.
"නෑ මේ......මේකයි ජින් හියුන්ග්.ට්‍රැෆික් අනන් මනන් නිසා ඔය හිතනවට වඩා එන්න රෑ වෙයි කියලා ජූන් හියුන්ග් කිව්වෙ මට.උදේට වගේ නෙවේනෙ හියුන්ග් හවස් වෙද්දි"
ටේ බොහොම අමාරුවෙන් ගලපගෙන කියාගත්තෙ නැම්ජූන් ලොකු හුස්මක් පල්ලෙහා දාද්දි.
"ඒක මිසක්.හැබැයි නැම්ජූන් වෙන කුප්ප වැඩක් කරන්න හැදුවොත් නම් කපනවා මම ඕකගෙ............."
ජින් කියන්න ගිය එක නැවැත්තුවෙ නැම්ජූන් උගුර පාරපු සද්දෙ ඇහුනු නිසා.
නැම්ජූන් ටත් හිනා වෙලා ටේගෙ පිටට තට්ටුවක් දාන් ජින් උඩට ගියේ හෙට අරන් යන්න ඕනි බඩු ටික ලෑස්ති කරගන්න.
"මේකා ඔක්කොම හොයාගෙනනෙ.සැක්.ටිකක් රවට්ටගෙන සේප් එකේ ලයින් පාරක් දාන්න වෙලාවක් හදාගන්න හැදුවට කොහෙද?"
"ඒක තමා.මටත් කුකී එක්ක ඉන්න තිබ්බ චාන්ස් එකනෙ මේ අඩු වෙන්නෙ"
YOU ARE READING
For My Soulful Love ❤️🥀 (On Hold)
Fanfiction"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......." "මම බොලද නෑ Euphoria.................." "කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම් පොඩි කොල්ලෙක් එක්ක මෙහෙම හුරතල් වෙනවා ඇති කියලා" "ඒ හැමදේම ඔයා එක්ක විතරයි මගෙ Euphoria...