Chapter 01💓

500 38 4
                                    

"ජියොන් ජන්ගුක්!!!!! "

තමන් ඉදගෙන හිටපු අසුනෙන් නැගිට්ට දිව්‍යලෝකයේ ප්‍රදානියා හිටියේ අතත් ගුලි කරගෙන

"ඔබ කුමක් කරා කියලද සිතාගෙන සිටින්නේ අා!!! ඔබ රාජකීය උද්‍යානයේ අැති සියලුම පලතුරු ගස්වල තිබූ පලතුරු සියල්ලක්ම සාහසික අාකාරයෙන් විනාශ කරලා"

ජන්ගුක් හිටියේ බිමට මූන නැබුරු කරගෙන එ්ත් එ් මූනේ නම් නිකමටවත් බය කියන දේ ගෑවිලවත් තිබ්බේ නෑ

"ඉතින් උතුමානෙනී ගස් තියෙන්නේ අපට කන්න නෙවෙයිනම්... අැයි ගස් වැවෙන්නෙ...අපි නැත්නම් වෙන කවුරුන්විසින් මේවා කාදමයිද? "

"වෙන කවුරුන්... My foot!!! "

අාව තරහටම බිමට හයියෙන් පාරක් ගැහුව දේවඅධිපති ඊලග සැරේ ජන්ගුක් ලගට අාවේ ජන්ගුක් කිසීම හැගීමක් නැති මූනකින් ප්‍රධානියා දිහා බලන් ඉද්දියි

"තමුසෙ මට බය නැද්ද ජන්ගුක්!!! "

"මම මොකටද බය වෙන්නෙ ඔයා මගේ අප්පනේ"

ජන්ගුක් ගානක් නැතුව කියලා නැගිටින්න යද්දිම වේගෙන් තමන්ගේ කොන්දට වැදුන් කස පාර හින්දා එයා එහෙමම බිමට වැටුනා

"අව්ශ්... එ්ක නම් රිදුනා"

ජන්ගුක් කිව්වේ වේදනාවෙන් තමන්ගේ කොන්ද අල්ලගෙන

"උතුමානෙනී... මමනම් පවසන්නේ මොහුට හැකි උපරිම දඩුවම් දෙන්න... මේ අපේ අනාගත කුමාරයා වූවත් අප දැනගත යුතුයි ඔහුව යුක්තිසහගතව අපේ රාජධානියේ තබාගන්න"

"ඔබ කියන කතාව සම්පූර්නයෙන්ම අැත්ත අමාත්‍ය ලී"

ටික වෙලාවක් ජන්ගුක් දිහා බලන් හිටපු දේවඅධිපති තමන්ගේ අතේ තිබුනු කසය බිමින් තිබ්බා

"මේ දැන්ම මොහුව මිනිස් ලොවට පිටත් කරනු!! "

ජන්ගුක්ගේ අැස් නම් බ්ලොක්ගල් දෙකක් ගානට ලොකු වුනා එයා දනගහගෙන ගිහින් දේවඅධිපති ගේ කකුලෙන් අැද්දා

"අනේ අප්පා චේබාාාල්... මාව එ් අපායට නම් යවන්න එපා වෙන කොහෙ යැව්වත්... අනේ චේබාල්"

му нανєηℓу αηgℓє💞 _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now