Wonha Pov
ජීවිතේ කියන්නේ මොනවගේ දෙයක්ද?
ඒක වචන වලින් විස්තර කරාට ඉවර කරන්න බැරි දෙයක්. සමහරුන්ට අතාරින්න අමාරු සමහරුන්ට මේ දැන් වුණත් දාලා යන්න හිතෙන දෙයක්. ඒ වගේම ඒක අස්සේ බාල්දිත් පෙරලෙනවා.
මමත් ඒ ජීවිතේ ඔහේ ගෙවාගෙන යනවා අනික් අය වගේම. ඒත් මම තනිවෙලා. මොකෙක්වත් මාත් එක්ක කතාකරන්නේ නෑ.
ඒම කියලා නැත්තෙත් නෑ. සමහර හොඳ අය ඉන්නවා. ඒත් එයාලා busy. ආයේ ඉන්නේ ඉස්කෝලෙ චණ්ඩියෝ ටික. එයාලට නෙලන්න හිතෙනවා. ඒත් මම ගහගන්න දන්නේ නෑනේ.
සඳුදා තමයි මට පේන්නම බැරි දවස. ඒකත් ගණන් Period එකකින් පටන්ගත්තම සනීපයි.
ගණන් මිස් මොකක්දෝ ප්‍රමේයක් උගන්නන ගමන් හිටියා. එයා උගන්නන්න කොච්චර දක්ෂ ද කියෙනවනන් පන්තියේ කාටවත් පාඩම තේරෙන්නේ නෑ.
අපි කොච්චර තේරෙන්නේ නෑ කියලා කිව්වත් එයා වෙනුවට වෙන කෙනෙක් දැම්මෙත් නෑ
(A/n - පුද්ගලික අත්දැකීමක්. මටයි මගේ යාළුවොන්ටයි වෙච්ච. කාටවත් එහෙම වෙන්න එපා කියලා මම පතනවා )
ඉතින් මම ඒ Period එකේ හිටියේ crush එක ගැන හීන දකින ගමන්. පිටිපස්සෙ පෝලිමේ හිටිය හින්දා ඒක අමාරු දෙයක් නෙමෙයි.
එයා හිටියේ මගේ පන්තියෙමයි. මට එයාට ඒක කියන්නත් බැරිවුණා. කියන්නත් හිතෙන්නේ නෑ මම කඩන් වැටෙයි කියලා මට බයයි.
එයාට නම් පාඩම තේරෙනවා වගේ. කරුමෙට ඉස්සරහ පෝලිමනේ පොර ඉන්නේ.
Yeonjun Oppa ගැන මම හිතන එක නවත්තන්න බැලුවත් ඒක හරියන වැඩක් නෙමෙයි. අන්තිමට ඒක නතර වුණේ මම කතාවක් ලියන්න හිත හදාගෙන.
ඒකත් නිකන් එකක් නෙමෙයි Horror Fantasy එකකින්.
??? - Wonha මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමේ මොකක්ද?
යන්තම් පොත බලාගෙන තිබ්බේ. නැත්තම් මගේ රෙද්ද ඉවරයි
Wonha - ත්‍රිකෝණෙක පාද දෙකක මධ්‍ය ලක්ෂ දෙක යාකරාම හැදෙන පාද සමච්ඡේදනය වෙනවා
??? - තව?
තව මොනවද තියෙන්නේ අප්පා මට මතක නෑ.
??? - ඒකේ පාද සමාන්තර වෙනවා කියලා මතක නැද්ද?
මම board එක දිහා බැලුවා. ඒකේ ම.ල.ප්‍ර කියලා මෙයා ලියලා තියෙන්නේ මොකද කියලා මට තේරෙන්නේ නෑ.
එක්කෝ මෙයාට මල පැනලා නැත්තම්...
ඇයි දෙයියනේ මෙයා අපිට මැද ඇඟිල්ල පෙන්නලා board එකේ බයිලා ලියන්නේ. මට විතරද මේවා පේන්නේ.
??? - ඕකනේ මනෝපාරවල් ගහලනේ හැමදාම ඉන්නේ. මට අද අතටම පත්තු වුණා. මොනවද ඊයේ රෑට කෑවේ
ඇත්තටම ඒක මට මතක නෑ. කෑවෙත් crush එක මතක් කරගන්න ගමන්නේ. ඇයි මටම මෙහෙම වෙන්නේ. Yeonjun Oppa ත් මන් දිහා බලාගෙන ඉන්නේ මට බෑ අප්පා.
??? - ඕකනේ ඒකවත් මතක නෑනේ.මම උගන්නලා ඇති වැඩේ මොකක්ද?
එයා එහෙම ජාතිය අමතන කොට Period එකේ bell එක ගහලා අනික් basket subject වලට අපිට යන්නත් තිබ්බා.
එයා හින්දා අපිට පැය කාලක් පරක්කු වුණා. මම Art room එකට ගියා. වෙන කරන්න දෙයක් නැති හින්දා මම Art කරන්නේ. ඒත් ඒකෙත් චිත්‍ර අඳින්න ඕනනේ.
එදත් ඒ මිස් ඇවිල්ලා හිටියේ නෑ. මම ඒක හින්දා පොත අරන් Yeonjun Oppa ව අඳින්න ගත්තා. ඒත් අන්තිමට ඇන්දේ කොහෙවත් නැති කෙනෙක්
(A/n කවුද කියලා හොයාගන්න පුළුවන් නේද? මට චිත්‍ර අඳින්න බෑ ඉතින් 🤧🤧)අනේ මන්දා ඒක කැතද ලස්සනද කියලා මම දන්නේ නෑ.මම ඒකත් එක්ක කතාකරන්න ගත්තා. මට එහෙම ලෙඩක් තියෙන හින්දා.
Wonha - ඔයාට මගේ හොඳම යාළුවෙක් වෙන්න පුළුවන් ද? මට කවුරුත් නෑ. ඒක නෙමෙයි ඔයාගේ නම මොකක්ද?
ඊටපස්සේ මම එයාට නමක් හිතුවා. මම Fantasy කතාවලට පණ ඇරලා හිටපු කෙනෙක් හින්දා ඒ වගේ නමක් ම හිතුවා. මම ඇත්තටම හිතුවේ මම Yeonjun Oppa ට කතාකරනවා කියලා. මම කොහොමත් තනියම කියවන්නේ එයා මන් ගාව ඉන්නවා කියලා හිතලනේ.
Wonha - හරි Oppa ඔයා ෆීනික්ස් කුරුල්ලෙක් වගේ hot. ඒත් ඔයාට ෆීනික්ස් හරියන්නේ නෑ. ...
එහෙම හිතද්දී මට නමක් මතක් වුණා.
Wonha - හරි ඔයා Felix. මගේ අලුත් යාළුවා.
To be continued ...
හී තාම පටන්ගත්තේ නෑ. ගණන් ගන්න එපා මේක මම නිකන් ඉන්න බැරුව Type කරලා තිබ්බ එකක්
YOU ARE READING
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Fanfictionලියපු පොතක ඉන්න ප්‍රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?