𝐂𝐡𝐚𝐦𝐨𝐦𝐢𝐥𝐞 🌼

131 31 21
                                    


。・:*:・゚★,。・:*:・゚☆

。・:*:・゚★,。・:*:・゚☆

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

:*:・゚★,。・:*:・゚☆

𝙷𝚊𝚣𝚎𝚕'𝚜 𝚙𝚘𝚟.........

කෑම පිරුන වේවැල් කූඩෙත්  අරන් එක පිම්මෙන් මිටියාවතේ පහල නිම්නයේ තිබුන තණ බිමට දුවගෙන ගියෙ  හරියටම ඉර බහින්න ලන් වෙද්දි , ටේහ්‍යුන්ග් බැටළු රන්චුවත් එක්ක තණ බිමට එනවා කියලා දන්න නිසාමයි

කිම් ටේහ්‍යුන්ග් , හේතුවක් නැතුවම මගෙ හිත දැනටමත් එයා ලග නතර වෙලා ඉවරයි...

අප්පාත් එක්ක මම අත්තම්මව බලන්න , එයාගෙ උපන් ගමට ආවෙ මීට මාස අටකට විතර කලින්....ඉතිං අහම්බෙකින් ගමේ කඩපිලේ දි මුන ගැහුන එඩේර කොල්ලා ටේහ්‍යුන්ග් , මගේ ජීවිතේට මෙච්චර සමීප වෙයි කියලා ඒ මොහොතෙ නිකමටවත් හිතුනෙ නෑ....

මම එතනට යද්දිත් තණ බිම හරහා ගලාගෙන ගිය දොල පාරට කකුල් දෙක දාගෙන ඈත පේන නමක් නොදන්න කදු යාය දිහා බලාගෙන ටේහ්‍යුන්ග් හිටියෙ බර කල්පනාවක..... 

බැහැගෙන යන හිරු කිරනවලින් දිලිසෙන එයාව ඈතට පෙනුනේ කහ පාට එක්ක මිශ්‍ර උන සුදු පාටකට....

හරියට කොළ පාට තණ ගොල්ලෙ පිපුන කැමොමයිල් මලක් වගේ.... එයාගෙන් ඇස් අහකට ගන්න ලෝබ කමක් දැනුනත් විකාර සිතුවිලි පැත්තකට දාලා හිමීට දෝල පාර ලගට ඇවිදන් ගියෙ එයාට නොදැනන විදිහට....

වේවැල් කූඩෙ පැත්තකින් තියලා මමත් එයා ලගින්ම ඉදගෙන ගලාගෙන යන දොල පාරට කකුල් දාගත්තෙ , වතුර වල සීතලට කකුල් දෙක දිගේ ඉහලට ඇදුන හිරියක් මුලු ඇග පුරාම විහිදිලා යද්දි.......

ඉර බැහැගෙන යන ඈත අහස දිහා බලන්න ඕන කමක් තිබ්බත් මගෙ ඇස් කාන්දමක් වගේ ඇදිලා ගිහින් නැවතුනෙ ටේහ්‍යුන්ග් ලග... හැමෝම කියන්නෙ අහස දිහා බලන් ඉද්දි දවස  පුරාවටම දැනුන මහන්සිය නැති වෙලා යනවා කියලා....ඒත් එයාගෙ කඩවසම් මුහුන තරම් හිත නිවන දෙයක් තවත් නෑ..... හැමොම වර්නනා කරන අහසවත් මගේ මතයට අනුව එයාගෙ පියකරු හිනාවට සම කරන්න බැරි උනා.....

𝐂𝐡𝐚𝐦𝐨𝐦𝐢𝐥𝐞 || 𝐊𝐓𝐇 ✔️Where stories live. Discover now