උබ අඩනවද මැනික
මං අඩන් නැ බං මට ඇඩෙනවා
ඒත් ඒවා කොහොමද උබට කියන්නේ
ඒව උබට කිව්වයි කියලා උබ මට ආදරෙ කරයිද
හැමදාමත් මං හිරවෙන තැන
මං ආදරේ උනාට උබ මට ආදරේ කරයිද?
මං බයයි
මට ශක්තියක් නැ ඒක උබට කියන්න
හැමදාම වගේ උබ දිහා බලාගෙන
සැනසෙන එක ඊට වඩා සැපයි මටමං දිග හුස්මක් අරන්
න..න්..නැ
කියල කිව්වා.
ඒත් මට ඇත්තටම කියන්න ඕන උනේ ඒක නෙවේ
එයාව තද කරලා බදාගෙන
මං උබට ආදරෙයි කියලා කියන්නයි ඕන උනේ
කොහෙන්ද ඉතිම් මට ඒකට ශක්තියක්
හ්ම්ම්..ටික වෙලාවකින්
එයා මගෙ නිකට අතෑරලා අත් දෙකත් සාක්කුවට දාගෙන
උබ මට මොනවහරි හංගනවද බං කියලා ඇහුවා.
මගෙ හිත කෑ ගහනවා කියපන් හැමදේම කියලා
ඒත් මං කොහොමද කියන්නේ
මට ආදරේ නෑ කිව්වොත් මට ඒක දරාගන්න අමාරුයි
මං පිස්සෙක් වෙයි
ඒ තරම් මං උබට ඇබ්බැහි වෙලා
මට දැන් ඕන මෙතනින් ඉක්මනට ගිහින්
කාමරේට වෙලා දුක නැති වෙනකන් අඩන්න
එයා ආය සාක්කුවෙන් අතක් එලියට අරන්
මගෙ අතකින් අල්ලන් ආය ඇහුවා
උබ මගෙන් මොනවාහරි හංගනවද බං කියලා
නැ..නැ හ්‍යුන්.මං මොනවත් හං.ගන් නැ.
කියලා මං බිම් බලන් උත්තර දුන්නා
ඒත් එක පාරටම එයා කෑ ගැහුවා
උබට ඔය මූන උස්සලා ඒක කියන්න බැරිද ආ
මාව යකා කරගන් නැතුව කියපන් උබ මොනවද මගෙන් හංගන්නෙ කියලා
මං ගැස්සුනා එයා එ කෑගහපුපාරට
මට බය හිතුනා
මගේ මූන දිගේ කදුලු වැක්කෙරෙනවා
ගෙදර අයවත් මට ඔහොම සද්දෙන් කැ ගහලා නැ
ඒ නිසා මට හයියෙන් ඇඩුනා
මට බයට වඩා දුකයි
මට හයියෙන් ඇඩුන පාර එයා මාව ලගට අරන් තද කරලා බදාගෙන
මං උබට හරි ආදරෙයි බං
කියලා කිව්වා...............
මගෙ කදුලු තවත් අලුත් උනා
එයා ඇත්තටමද ඒක කිව්වේ
මට අදහගන්න බෑ
එයා තව ටිකක් තදට මාව බදාගන්න ගමන් ආයෙත් මගෙ කනට කරලා
ඇහුනද .....
මං උබට හරි ආදරෙයි බං
හුගක් ආදරෙයි...
අවුරුදු දෙකක් බලන් හිටියා යකෝ ඔය වචනේ උබෙන් අහන්න
උබට දැන්ද ඕන උනේ ඕක කියන්න
උබ මට ආදරෙ කරන්නත් කලින් මැනික මං උබට ආදරෙ කරන්න ගත්තේ
ඉතිම් මං කොහොමද උබට බෑ කියන්නෙ
මාත් ඔයාට ගොඩක් ආදරෙයි හ්‍යුන් ගොඩක් ආදරෙයි
මං එයාගේ තුරුලෙ ඉදන්ම කියලා දැම්මා
හැමදාම මෙහෙම තුරුලට වෙලා ඉන්න තියනවනම්
හම්මො දැන් තමා මගේ හිතට සහනයක් දැනෙන්නේ
ටික වෙලාවකට පස්සේ
එයා මගෙන් ඈත් වෙලා
අර සුපුරුදු මූඩ් එකට ඇවිත්
යමන් මං ගේ ගාවට ගිහින් දාන්නම්
මාත් ඉතිම් හා කියන්න ඔලුව වනලා එයාගෙ පස්සෙන් ඇවිදන් ගියා...................
..............................................................
🙂❤️
රිදුනම සනසන්න
තෙමුනම සිපගන්න
පිස්සුවෙන් දැවටෙන්න
මට අවසර දෙන්න🫣❤️🔐❤️💋