ඉස්කෝලේ ඇරිලා මං කෙලින්ම දුවන් ආවේ බස් ස්ටෑන්ඩ් එකට
උදේ මගේ හා පැටියව දාලා යන්න හිත දුන් නෑ .....
1.30ට එනවා කියලා පොරොන්දු වෙලා ඉතිම් මං ස්කූල් ගියේ
අනාහ් ඉතිම් මගෙ වස්තු කැටේ
පොඩි එකා වගේ .......
ඒකනේ මං ආදරේ ........
හා පැටියා ගැන හිත හිත ඉද්දියි මට මතක් උනේ
ජිමින්සිව
හත්තික්කේ මේකා මට මොනාහරි හංගනවා
දැන් මාව මගාරිනවත් එක්ක
හැබැයි ඒකටනම් මගෙ හිත රිදුනා
හොදම යාලුවා මගාරිනවා කියන්නේ බූටක් කෑවටත් වඩා වේදනාවක්
දුකක් නැ ජිමින්සෙ
මේ කුක්කා උම්බට ආදරෙයි බම්
හුම්ම්.......
ඔහොම යමන්කො තොටත් තේරෙයි මගෙ අගේ
මගෙ චීස් කෑල්ලට තේරුනා වගේ
ජිමින්සෙ ගැන හිත හිත
මං පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා පාරට
බස් එක එනවද බලන්න
නයාම ගහපිය කීවලූ
බස් එක දැකලා මට හීන් දාඩිය දැම්මා
බස් එකේ සෙනග දෙයියෝ
රෝයල් එකේ එවුන් රිලව් වගේ දොරේ එල්ලිල එනවා
දෙයියෝ මගෙ සුදු මහත්තයා කොහෙත දන් නෑ..🥲🥲
බස් එක ඇවිත් නැවැත්තුවා
යකෝ මුන් නගින්නවත් ඉඩක් දෙන් නැති හැටියක්
සුදු මහත්තයා ඉන්නේ පිටිපස්සේ නිසා
මං හිමින් සැරේ අස්සෙන් රිංග රිංග පිටිපස්සට පැනගත්තා
පිටිපස්සට ගියාට මේකා නෑනෙ අප්පා
කොහෙ ගියාද......
මං හැමතැනටම ඇස් යව යව බැලුවා ඉන්නවද බලන්න
ම්ම්හ්ක් පොර නෑ.......
ඕන රෙද්දක පල කියලා මං ජනේලේ දිහා බලන් හිටියා
ටික වෙලාවකින් මට දැනුනා
මගේ ඉන වටේ අතක් යනවා