NO.19 |🌻"

48 15 12
                                    

Venura
20 Missed Calls

Calling venura..

"මචං සොරි මට නින්ද ගියා.."

"මං තමුසෙට කෝල්ස් කීයක් ගත්තද බලපන්..නිදාගෙනම ඉදපන් හරියයි..බිබී නිදාගන්න එකනෙ උබෙ වැඩේ.."

"හරි හරි මොකටද ගත්තෙ.."

"හැමදාම මගඇරපන් ඉතිම්"

"මං තියන්නද? නැත්නම් උබ කියනවද ප්ලීස්"

"හරි මේකයි උබ ඇයි ඩොක්ටර් හම්බෙන්න ගියෙ නැත්තෙ මචං මං ඔය ඩොක්ටර්ගෙන් දිනයක් ගත්තෙ මාරම ගේමක් දීලා.."

"මට එදා වැඩ වගයක් තිබ්බා"

"බොරු කියන්න එපා බන් මං දන්නැති උබේ වැඩ! දැන් ඔය කීවෙනි පාරද ආ..හැමදාම බීලා නිදිපෙත්ත ගහලා නිදාගෙනම ඉන්නද යන්නෙ"

"මචං මං තියන්නම්"

"ඉදපන්..මේක අහපන් අන්තිම පාරට මම කියන්නෙ"

"හරි කියපන්"

"මගෙ යාලුවෙක්ටත් ඉස්සර ලව් සික් එකක් තිබ්බා..ඌ කිව්වා ඌ ගියපු ඩොක්ටර්ව සෙට් කරලා දෙන්නම් කියලා..දිනයක් දාගන්න පුලුවන් වෙයි එහෙම උනොත් මමත් එනවා උබත් එක්ක යන්න ප්ලීස් බන් මේපාරවත් යමු ප්ලීස්"

"වැඩක් නැ"

"උබ ඔහොම ඉන්නවා බලන් ඉන්න බැ බන්..උබ කොච්චර හොඳට හිටපු එකෙක්ද.."

"බලමු"

"බලමු නෙවෙයි මම ඉක්මන්ටම දිනයක් දාගෙන කතාකරන්නම්..දෙන්නත් එක්කම යමු"

''හ්ම්''

_The Next Day.._

📲

"මචං"

"කියපන්"

"මං දිනයක් දාගත්තා..ඇත්තටම කිව්වොත් අරූම තමයි අරන් දුන්නෙ..මේ මාසෙ 19 වෙනිදට"

"19 වෙනිදා!? මට බැ මට වැඩ වගයක් තියෙනවා"

"මොකක්ද අර පාක් එකේ ලාවුළු ගහ ළගට ගිහින් බලන් ඉන්නද එදාටත්?"

"මචං ප්ලීස්"

"මම එනවා එදාට..මගෙ වැඩ ගොඩක් කැන්සල් කරන් උබේ වැඩේට එන්නෙ ඒකනිසා යන්න බැ කියන්න එපා එච්චරයි"

"හ්ම්ම්"

"උබ එනවානේද?"

"හ්ම්"

NO.19Where stories live. Discover now