fourteen

1.3K 290 28
                                    

Flashback-

ජන්කුක්ගේ මුලු ඇගම හිරිවැටිලා වගේ දැනුනා... ජන්කුක්ට අතපය හොලවන්න බැරුව එක තැන ගල්වෙලා වගේ දැනුනා... ජන්කුක් සුව පහසු ඇදක ඇලවිලා හිටියත්, ඇගට කිසිම පහසුවක් දැනුනේ නෑ... නැගිටලා දුවලා යන්න ඕන වුනත්, ජන්කුක්ට ඇගේ කිසිම දෙයක් දැනුනේ නෑ... හරියට ජන්කුක්ගේ ආත්මේ විතරක් තියෙනවා, ඇගේ කිසිම අවයවයක් තමන්ට දැනෙන්නේ නෑ වගේ... ජන්කුක් බයවෙලා එකපාරටම ඇස් ඇරියා...

රූම් එක සුදුපාට බිත්ති හතරකින් වටවෙලා තිබුනා... ජන්කුක් ඇලවෙලා ඉන්න ඇද, බෙඩ්ශීට් ඔක්කොම සුදුපාටයි... ජන්කුක්ගේ ඇස් වලට සුදුපාට කරදරයක් වුනා... ජන්කුක්ගේ ඔලුව කැරකෙන්න ගත්තම ඇස් තද කරලා වහලා ආයේ ඇරියා... සුදුපාට බිත්ති තමන්ගේ මූණට ලගින්ම වගේ පේන්න ගත්තම ජන්කුක්ගේ ඔලුව පැලෙන්න වගේ රිදෙන්න ගත්තා... ජන්කුක් නැගිටින්න හැදුවා... ඒත් ජන්කුක්ගේ මුලු ඇගම මොනවාහරි දේකින් හිරවෙලා තිබුනා...

"ට්-ටේහ්‍යොන්ග්" ජන්කුක් හිමින් කිව්වා... "ටේහ්‍යොන්ග්" ජන්කුක් ටිකක් හයියෙන් කතා කරලා සුදුපාට බිත්තිය දිහා බැලුවා... "ටේහ්‍යොන්ග්" ජන්කුක් සද්දෙන් කතා කරා... "කිම් ටේහ්‍යොන්ග්!" ජන්කුක් හයියෙන් කෑගැහුවා... වේගෙන් ඇස් පිල්ලම් ගහලා, සුදුපාට දොර දිහා බැලුවා... "ටේහ්‍යොන්ග්!" ටේහ්‍යොන්ග් දොර ඇරගෙන ආවා... ටේහ්‍යොන්ග් තනිකරම සුදුපාට ෆුල් සූට් එකක් ඇදලා හිටියා... ටයි එක, සපත්තු දෙක පවා සුදුපාටයි...

ජන්කුක් හිනාවුනා... "ටේහ්‍යොන්ග්" ජන්කුක් ටේහ්‍යොන්ග්ව දැකලා, කලබලෙන් නැගිටින්න ගියා... "ටේහ්‍යොන්ග්!" ජන්කුක්ට නැගිටින්න බැරි නිසා ජන්කුක් කෑගැහුවා... "ටේ ප්ලීස්, ම්-මට රිදෙනවා" ජන්කුක් අත්දෙක ඇදලා ගන්න හැදුවට හිරවෙලා තිබුනා... "ප්ලීස් ටේ, මාව මෙතනින් ගන්න, මගේ ඇග අහ්හ් මට අමාරුයි, මම ඇත්තමයි කියන්නේ" ජන්කුක්ගේ රතුවෙලා, ඇතුලට ගිලිලා තිබ්බ මළානික ඇස් වලින් කදුලු ගලන්න ගත්තා... "ටේ මට ගොඩක් අමාරුයි, ම්-මට-මට ඒක කියන්න තේරෙන්නේ නෑ" ජන්කුක් දැගලුවා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ලගටම ඇවිත් හිට ගත්තා...

what happen to the NERDY ||vkook||Место, где живут истории. Откройте их для себя