උදේම ඉතින් අයියගෙ ටින් බෙලෙක්කෙට පිං සිද්ද වෙන්න ඇහැරුනා.. මදැයි අයියා එනකම් කියලා ඇහැරන් ඉන්න හිටියා දන්නෙම නැතුව අර යකා ගැන හිත හිත ඉන්න කොට නින්දත් ගිහින්..
වොශ් එකක් දාගෙන යුනිෆෝම් එකත් ඇදගෙන පොත් බෑග් එකත් උස්සගෙන පහළට..
" ගුඩ් මෝනින් අයියාආඅ.."
" ආඅ බූරුවා කන ලග හූ තියන්න එපා යකෝ මං තාම නාකි නෑ කන් දෙක ඇහෙනවා.."
" ආදරේටනෙ අනේ ඉතින් හුම්ම්.."
" හරි හරි ඉක්මනට කාලා ඉස්කෝලේ යන්න නැත්නම් පරක්කු වෙයි.."
" හරේඒඑ..මේ අද ක්ලාස් නෑ මට.."
" හ්ම්ම් මං අදත් එන්න රෑ වෙයි මේ දවස්වල ගොඩක් කස්ටමර්ලා ඉන්නවා.."
අයියත් එක්ක කයියත් ගහගෙන හදලා තිබ්බ කෑමත් කාලා පාර්සල් එකකුත් ඔතාගෙන බෑග් එකත් එල්ලගත්තා.. ආයෙමත් බස් හෝල්ට් එකට අද ජිමිනා එන එක ශුවර් නෑ කිව්වා..
කොට කොට එනවා බස් එක නැවැත්තුවා හෝල්ට් එකෙන් නැග්ගා මම සෙනග කට කපලා පීරගෙන පීරගෙන මැද්දට ආවා.. අර කොන්දොස්තර මනමාලයා නෑ අද. ඇයි දන්නෑ..
එතකොට බස් එකේ එවුන් දෙන්නෙක් කතා කරනවා ඇහුනා මට මං හිතන්නෙ කොන්දොස්තර කාරයා ගැන.. පොඩ්ඩක් කන ලං කරලා අහගෙන හිටියා..
" අඩේ මේහ් උබ දන්නෑනේ මෙ බස් එකේ කොන්දොස්තර සෝමපාල අංකල් ඉන්නේ.."
" ඒ නාකි මනුස්සයට කව්ද ගහලලුනේ හොදටම ඊයේ.. අන්න හොස්පිට්ල් එකේලු.."
" සිරාවටම හැබැයි මට ආරංචි උනේ සෝමපාලෙට ගැහුවේ ජන්කුක් කියලා.. ජියොන් නම්ජුන්ගෙ ලොකු මල්ලි.."
" හම්මට ඇයි බං ඒ නාකි මනුස්සයට ඒ යකා ගැහුවේ.."
" අනේ මන්දා බං මොකක් හරි සීන් එකක් වෙන්න ඇති.."
යකෝ එතකොට ඒ ඇඹලයට ගහලා තියෙන්නෙ ජන්කුක්ද.. ඒකද මගින් බැහැලා ගියේ හරිනේ ඒකයි එතකොට අරුත් හිටියේ නැත්තෙ මං බහිනකොට.. මොකක්ද දන්නැ හේතුව ඉදාම්කො ස්කෝලේට ගිහින්ම දැනගන්න..යස්සයා..
කොටලා කොටලා කොහොමහරි 6.30 වෙද්දි බස් එක ඉස්කෝලේ ගේට්ටුව ඉස්සරහ.. බස් එකෙන් බැහැලා කෙලින්ම ඇතුළට.. ජිමිනත් ශුවර් නෑ මූ ආවද කියලා කව්ද දන්නේ.. හිමින් හිමින් පන්තියට ගෑටුවා..
YOU ARE READING
𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓
Fanfictionතිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න... මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න... දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න Contents * BL * Boy × Boy *...