මුලින්ම කියන්න ඕනේ කතාව මෙච්චර කල් දෙන්න බැරි උන එකට සමාවෙන්න. කතාව මතක නැත්තම් මුලින් ගිහින් ඉස්සෙල්ලා chapter එක කියවලා එන්න.
Jimin : අනේ අනේ hyung අනේ ඇයි tae මෙහෙම දෙයක් කරේ. අනේ hyung
Jimin ඔලුවත් අල්ලං කලන්තේ දාලා වැටෙද්දි yoongi දුවගෙන ඇවිල්ලා එයාව අල්ලගත්තා.
J hope : Doctor, අනේ මෙයාව ටිකක් බලන්න. අපි යමු kookiව බලන්න. එයා කලබල වෙලා ඇත්තේ.
Jungkook pov: පැයකට කලින් doctor මට කිව්වා ආයෙත් හදිසි සැත්කමක් කරන්න තියෙනවා කියලා. ඉතින් මාත් හා කියලා ඒකට ලෑස්ති උනා. ඉක්මනට එන්නම් කියලා ගිය tae hyungith තාම නෑ. කොහොමහරි doctor මට injection එකක් විදිද්දි මට දැනුනා මට සිහිය නැති වෙනවා කියලා. අඩ සිහියෙන් ඉද්දි මම දැක්කා මගේ කාමරේට තව කෙනෙක්ව trolley යක තියලා තල්ලු කරන් එනවා. ඔව් මන් අන්තිමට දැක්කේ මගේ එහා පැත්තේ ඇදට ගෙනල්ලා දාන මගේ tae tae hyungiව විතරයි.
තවත් පැයකට විතර පස්සේ ආයෙත් මට සිහිය ආවා. මගේ මුළු ඇගම හිරි වැටිලා තිබ්බේ. මං මගේ එහා පැත්තේ ඇද බැලුවා. ඒ ඇද දැන් හිස්. කෝ එතකොට මගේ tae tae. මට අමුතු බයක් දැනෙන්න ගත්තා. අනේ එයාට මොනවත් වෙලා නෑ නේද. මෙහෙම හිත හිත ඉද්දි nurse කෙනෙක් ඇවිත් ඔරලෝසුවක් , මුදු 4ක් , කරාබු 5ක් වගේම bracellete එකක් ගෙනල්ලා මගේ side table එක උඩින් තිබ්බා. මන් ඒ පැත්ත බලද්දි දැක්කේ ඒවා tae hyungi ගේ කියලා. මම ඒවා අතට අරං එතන හිටපු nurse ගෙන් tae කොහෙද කියලා ඇහුවා. ඒ nurse කලබල වෙන්න එපා sir කියලා එතනින් ගියා. මම මෙහෙම කලබලෙන් ඉද්දි තමයි hyung ලා ටික අඩාගෙන මගේ කාමරේට ආවේ. අද කවදාවත් නැතුව yoongi hyungනුත් අඩනවා.
Jungkook : අනේ ඇයි ඕගොල්ලෝ මේ අඩන්නේ. නෑ එහෙම මුකුත් වෙලා නෑ. අනේ namjoon hyung කෝ taehyungi hyung අනේ කෝ එයා. මේ doctorsලා මට මොනවත් කියන්නේ නෑ. අනේ jin hyung කෝ එයා. අනේ jimini hyung hobi hyung එයාට එන්න කියන්නකෝ. අනේ yoongi hyung ඔයා කිව්වොත් අනිවාර්යෙන් එයි එයා. එයාට එන්න කියන්නකෝ. Please hyung අනේ.
Yoongi : කලබල කරන්න එපා කුකී. එයා ඉන්නවා.
Jungkook : කෝ කොහෙද ඉන්නේ.
Yoongi : මෙන්න මෙතන.
එහෙම කියලා yoongi jungkook ගේ පපුවට අත තිබ්බා. මෙන්න මෙතන එයා ඉන්නවා. මේ හැමතැනම. අපේ හදවත් ඇතුලේ එයා ඉන්නවා පැටියෝ.
FLASH BACK END......
YOU ARE READING
𝔸𝕝𝕨𝕒𝕪𝕤 𝕪𝕠𝕦 𝕒𝕣𝕖 𝕚𝕟 𝕞𝕪 ( 𝕠𝕦𝕣 ) 𝕙𝕖𝕒𝕣𝕥 (Completed)
Short Storyඑකම මවකගෙන් නොඉපදුනත් එකම කුසෙන් ඉපදුනා හා සමාන යහලුවන් මේ ලෝකේ ඉතාමත් අඩුයි.🥺 ඒ වගේ යහලුවන් ලබන්න ඒ කෙනා ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ.🙂 අපි හැමෝම දන්න අපි හැමෝම ආදරේ කරන BTS සාමාජිකයන් කියන්නේ ඒකට හොදම උදාහරණයක්.😊 ඉතින් ඒගොල්ලන්ගේ ජීවිත කතාව මේ...