40

1.3K 295 154
                                    

"මොකද ජන්ග්කුක් මෙච්චර පරක්කු?" යුන්ගි ඇහුවේ අත් ඔරලෝසුවෙන් වෙලාව බලමින්.

"අනේ මන්දා." හෝසොක් කිව්වෙත් නළල රැලි කරන්. ජන්ග්කුක් පිටත් වෙලා දැන් පැය තුනකටත් වැඩී. දවල් වරුව උදා වෙලා තිබුනා වගේම දැන් ටිකකට කලින් තමයි ජන්ග්කුක්ගේ අප්පා එව්ව පිරිස ආවෙ.

එයාලා හැමෝම හිටියේ වටපිටාව සුද්ද කරලා කූඩාරම් ගහන ගමන්. ඒ අතරේ ජින් දවල් ආහාරය සකසලා තිබුනා.

"එයා උදේටත් කාලා නෙමෙයි ගියේ. අනේ මන්දා මෙච්චර වෙලා මොනවා කරනවද කියලා." ජින් කිව්වේ නම්ජුන්ට කූඩාරමක් ගැට ගහන්න උදව් කරමින්.

"අන්න එයා එනවා!" ජිමින්ගෙ කෑගැහීම එක්ක හැමෝගෙම අවධානය යොමු වුනේ කැලේ මැදට.

ඔව්, ජන්ග්කුක් ඇවිත් හිටියා. ඒත් හැමෝම දැක්කා ජන්ග්කුක්ගේ ලොකු වෙනසක්. එයාව ගොඩක් සුදුමැලි වෙලා තිබුනා වගේම අනිත් දේ තමයි..

"කුක් කෝ ඔයාගෙ මාලෙ?!"

ජිමින් කෑගහන්න ආසන්නව ඇහුවේ හැමෝවම මගහැරලා කෙලින්ම එයාගෙ කූඩාරමට යන ජන්ග්කුක්ගෙන්.

ජන්ග්කුක් මග නැවතිලා එයාලා දිහා බැලුවා.

"අහ් ඒක මං එහෙ තියලා ආවා." ජන්ග්කුක් කියද්දි අනිත් අයගෙ ඇස් උඩ ගියා.

"එහෙ කිව්වෙ කිඳුරු රාජධානියෙද? එතකොට පුතා ආවෙ කොහොමද?" ප්‍රොෆෙසර් පුදුමයෙන් අහද්දි ජන්ග්කුක් අහක බලාගත්‍තා.

"මං හිමින් හිමින් පීනගෙන ආවා. ඒකයි මෙච්චර එන්න පරක්කු උනෙත්." ජන්ග්කුක් කිව්වා. ඒත් ජන්ග්කුක්ගේ මේ වෙනස අනිත් අයට නම් ඇල්ලුවෙ නෑ.

"කුක් මොකද උනේ කියන්නකො. කිඳුරු රාජධානියෙ මොකද්ද උනේ? ඇයි ඔයා මාලෙ එහෙ තියලා ආවෙ?" ජින් අහද්දි ජන්ග්කුක් ලොකු හුස්මක් අරන් පහත හෙළුවා. ඊළඟට එයා යන්තම් හිනා වුනා.

"මුකුත් නෑ~ කලබල වෙන්න දෙයක් නෑ. ශුද්ධ වස්තුව රාජධානියෙන් වෙන් වුන නිසා තමා එයාලට මායිම පහු කරන්න බැරි. එයාලා මෙච්චර කල් රාජධානියේ හිර වෙලා ඉඳලා තියෙන්නෙ ශුද්ධ වස්තුව නැතුව. මං ඒක තියලා ආවා එතකොට එයාලට අඩුගානෙ බඩපුරවගන්නවත් එළියට එන්න පුලුවන්නෙ." ජන්ග්කුක් කිව්වා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now