Chapter 09 ❤️💙

196 26 70
                                    

"නෑ ජිමින් ඔයා මේ ගැන ලොකු පුතාට කියන්න එපා.එයා තව දවස් දෙකකින් විතර එනවනෙ.එතකම් කට්ටියක් ආවා කියලා ඔයාගේ හියුන්ග් දැනගන්න ඕනේ නෑ"

සෝජුන් හිටියේ ජිමින්ට උපදෙස් දෙන ගමන්.
තමන්ගේ ආදරණීය සහෝදරයා තමන්ට කියලා දෙන කතා වල ඉන්නවා වගේම මිනිස්සු ටිකක් තමන්ගේ එහා ගෙදර නිවාඩුව ගතකරන්න ඇවිත් කියන එක තමන්ගේ සහෝදරයාට කියනකං ජිමින්ට ඉවසිල්ලක් තිබුණෙ නෑ.

අහ්හ්හ්....ඇයි අනික ජින්.................

එයාව තමන්ගේ සහෝදරයාට පෙන්නන්නත් ඕන කම තිබ්බ ජීමින්ට.ඒත් සෝජුන් හොරෙන්වත් එයාලගේ ෆොටෝ එකක් ගහගන්න ජිමින්ට ඉඩ දුන්නේ නෑ.ජිමින් පොඩි ළමයෙක් වගේ වුණාට එයා වැඩිහිටියෙක්.එයාට තේරුම් ගන්න පුළුවන් කම තිබ්බා තමන්ගෙ දෙමව්පියෝ මේ වගේ හැසිරෙන්න ලොකු හේතුවක් තියෙනවා කියලා. අනික ජිමින් දෙමව්පියන්ට අකීකරු දරුවෙක් උනෙත් නෑ. ඉතින් ජිමින් තමන්ගේ අප්පයි පපයි කියන දේ අහලා නිහඬ වුණා.

..............................................................................................

හියුන්සික් හිටියෙ බර කල්පනාවක.නොදැනිම හියුන්සික්ගෙ ඇස් වලින් ගලාගෙන ගියපු කඳුළුවලින් එයාගෙ කොට්ටෙ තෙමිලා තිබ්බ.හියුන්සික්ගෙ ඇස් දෙක ඉදිරියෙන් මැවිලා පේන්න ගත්තෙ කුකීගෙ රූපෙ.
කලින් දවසෙ රෑ කෑමට කට්ටිය ආපු වෙලාවේ කුකීව දැක්ක හියුන්සික්ගෙ හදවත තත්පර ගානකට නතර වුණ.

ඒ හිනාව,හුරතල් හැසිරීම හියුන්සික්ට මතක් කළේ මීට අවුරුදු ගානකට කලින් හිටපු කෙනෙක්ව.

ක්‍රීම් පාට කොට කලිසමක් එක්ක සුදු පාට හූඩි එකක් ඇඳලා සෝෆා එක උඩට වෙලා කකුල් දෙක පද්ද පද්ද හිටපු ජන්කුක්ගෙන් හියුන්සික් දැක්කේ මීට අවුරුදු ගානකට කලින් කළු සුදු කොටු කොට කළිසමට සුදු අත්දිග ෂර්ට් එකක් යට කරලා ඇදගෙන එයාගේ ඉස්සරහ ඔය වගේ ම ඉඳගෙන කකුල් දෙක පද්ද පද්ද හිනා වෙවී හිටපු ගුකීව.

ඒ වෙලාවේ හියුන්සික්ට ඕන වුණේ මහ හයියෙන් කෑ කෑගහල අඩන්න.ඒක එයාට එවෙලෙහිම කරන්න පුළුවන් වුණේ නෑ. ඒක නිසා හැමෝගෙම ඇස් වහලා හියුන්සික් වොෂ් රූම් එකට රිංග ගත්තා.අත්දෙකෙන් තමන්ගේ කට වහන් මහහඬින් පිටවෙන්න යන ඉකිය එයා වලක්කගත්තා.විනාඩි දහයකට විතර පස්සේ ඉකි ගැහිල්ල නවත්ත ගත්තු හියුන්සික් කන්නඩිය දිහා බලස් මිමිනුවෙ එක දෙයයි.

For My Soulful Love ❤️🥀 (On Hold)Where stories live. Discover now