42

1.3K 294 118
                                    

"ම්හ්හ්~"

ජන්ග්කුක්ට සිහිය එමින් තිබුනා.

ශරීරයේ වේදනාව නිසා කෙඳිරිගෑවුනත් එයා ඇස් දෙක අරින්න උත්සාහ කලා. ටික වෙලාවකින් ඇස් දෙක ඇරියම එයා බොඳ වුනු දෙනෙතින් ඡායාව වගේ දැක්කා එයා ඉදිරියේ පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඒත් එයාට හැමදේම පෙනුනෙ බොඳ වෙලා.

තදින් ඇස් පිල්ලම් ගැහුව එයා අන්තිමේදි දර්ශනය පැහැදිලි වෙනවත් එක්කම අඳුනගත්තා ඒ ඉන්නෙ වෙන කවුරුත් නෙමෙයි ප්‍රොෆෙසර් චෝයි කියලා.

එයාගෙ බැල්ම දරුණු වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. කේන්තියෙන් එයා නැගිටින්න හැදුවත් ඒක කරගන්න බැරි වුනාම තමයි එයා එයා දිහාම බැලුවෙ. ජන්ග්කුක්ව පුටුවකට තියලා අත් දෙකයි කකුල් දෙකයි හිර කරලා තිබුනා.

"හෝව් හෝව් වැඩිය දඟලන්න එපා. ඕකෙ කරන්ට් එක තියෙනවා." ප්‍රොෆෙසර් කිව්වත් ජන්ග්කුක් ඊළඟට කේන්තියෙන් එයාගෙ බලය එක්කාසු කරන්න හැදුවත් මුලු ශරීරයටම කරන්ට් එකක් වැදෙනවත් එක්කම වේදනාත්මක හඬක් පිට කරලා ආපහු පුටුවටම බර වුනා.

"මං කිව්වා." ප්‍රොෆෙසර් කිව්වේ වේගෙන් හති හලමින් ඇස් දෙක පියන් ඉන්න ජන්ග්කුක්ට. ඊළඟට ඒ නිල් ඇස් හිමින් හිමින් ප්‍රොෆෙසර්ට යොමු වුනා.

ටිකක් වෙලාම ජන්ග්කුක් කලේ හැඟීමක් නොපෙන්නුව ඒ ඇස් වලින් ප්‍රොෆෙසර් දිහා බලන් හිටපු එක. ඒ ඇස් වල කියාගන්න බැරි දුකක් කලකිරීමක් ලියවිලා තිබුනා.

"ඇ-ඇයි, ඇයි අපිට ද්‍රෝහි උනේ සර්." ජන්ග්කුක් බිඳුනු හඬින් කියලා තද කරලා ඇස් දෙක පියාගත්තේ තාමත් ප්‍රොෆෙසර්ට ගරු කරලා කතා කරන එක ගැන පසුතැවෙමින්.

"ඔයා එච්චරටම ඔයා ගැන ගෞරවයක් අපේ හිතේ ඇති කලා සර්." ජන්ග්කුක් දුර්වලව මිම්ණුවා.

"අපි හැමෝටම මෙහෙම රිද්දයි කියලා හීනෙකින්වත් මං හිතුවෙ නෑ." ජන්ග්කුක් කියලා ආයිත් ප්‍රොෆෙසර් දිහා බැලුවා.

"ඇයි? ඇයි ඔයා වැරදි මාර්ගෙක ගියේ? මුහුදට ආදරේ කලේ බොරුවටද? අපිට මුහුද රැක ගන්න කියලා කියලා දීපු හැමදේම බොරුද එතකොට?" ජන්ග්කුක් ඇහුවම ප්‍රොෆෙසර්ගෙ මූනෙ සමච්චල් සහගත හිනාවක් ඇඳුනා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now