බීප් බීප් බීප්.....
මැසේජ් එකක් අනිවාරෙන් අරූගෙන් වෙන්නැති.. හිතුවා හරි ඌ තමයි..
"කොහෙද බන් ඉන්නේ උබ ඉක්මනට වරෙන් රෙද්ද මන් මේ පාරේ කරවෙනවා"
රිප්ලයි කරන්න ඕන නෑ දැන් ලගයි නේ.. පරක්කු උනෙත් ඌ නිසාමයි. ඕකට මොනාහරි ගෙනිච්චේ නැත්නම් මෙතන ගිරිය පුප්පන් කෑ ගහන්න පටන් ගන්නෝනේ. කිවුවත් වගේම මාරම රස්නයක් තියෙන්නේ හම්මෝ නුවර වගේ නෙමෙයි කොළඹ ආපු ගමන් කලකිරුනා. ආහ්හ් අර ඉන්නේ පොර බයික් එකට හේත්තු වෙලා. මූ හිටියට උස ගිහිල්ලද මන්දා.
පීක්........
"මොන හු##. අඩෝ මේඝයා බලපන් රෙද්ද තව පොඩ්ඩෙන් මන් බිම නේ. "
"හායී බ්රෝ."
"බ්රෝ.. මන් කියන්නේ නෑ ඉතින් උබට. මෙච්චර වෙලා මොන මගුලක් කරාද බන්. බලපන් දාඩිය බේරෙනවා මේ කාස්ටකේ මේතන හිටන් ඉදලා."
"ඉතින් කවුද කිවුවෙ හිටගෙන ඉන්න කියල අර හෙවනක හිටියානම් ඉවරයි නේ."
"යැයි යැයි තමයි ඉක්මනට යමන් අම්මත් අරහෙ බලාගෙන ඉන්නවා උබ එනකන්. අප්පච්චිත් කෝල් 5කට වඩා අරගෙන උබ ගැන ඇහුවා."
"එහෙම තමයි අප්පච්චි මට ආදරෙයි. උබලා වගේ නෙමෙයි."
"ඔව්ව් ඔව්ව් අපේ අප්පච්චිටත් සුදු පුතාව ලොකුයි නේ ඔක්කොටම වඩා."
යුගියා මූනත් ඇද කරගෙන ඒක කියපු විදියට මට හිනා යන්නත් හදලා හිනාව කාගෙන හිටියා. මුට දැන් මේ මල පැනලා ඉන්නේ මන් පරක්කු නිසා.
" හරි හරි බන් මන් පරක්කු තොට මෙන්න මේ මගුල ගන්න ගිහිල්ලා"
" අඩෝ මගේ සුදු අම්මියා ආදරෙයි ඈ "
"ඊව්ව් යුගි පලයන් එහාට. අර බලපන් කෙලත් ගෑවා."
මන් මූට ගත්ත චොක්ලට් එක දුන්න ගමන් මූ ඒකත් අරගෙන කම්මුලට කිස් එකකුත් දුන්නා. මන් තරහක් පෙන්නුවත් ඇත්තටම මට තරහක් නෑ මොකද යුගියා ඉස්සර ඉදලම මාත් එක්ක ඉන්නේ මෙහෙම ඒක නිසා මට මේවා පුරුදුයි.
" හරි හරි දැන් යමන් සුදු අප්පච්චි මන් එනකන් බලාගෙන ඇති."
"අම්මේ ඔව්ව් ඔව්ව් යමන් නැත්නම් ඕවටත් බැනුම් අහන්න වෙන්නේ මට තමයි. එයාගෙත් සුදු පුතාවත් එක්කගෙන රවුම් ගහන්න ගියා කියයි."
YOU ARE READING
_~ මේඝ ~_
Non-Fictionඔය නපුරු ඇස් ලග කවදාවත් දැනිලා නැති හැගීම් ගොඩාක් මේ හිත අස්සට රිංගනවා.. ඔය නපුරු වචනවලින් කොච්චර මේ හිත ඇවිලුනත්, ඕනා ලන් වෙන්න තව තවත්.. පිච්චෙන බව දැන දැනම පනින්නෙම ඒ ගින්දරට... පුදුමයි මට මං ගැනම...