° CHAPTER 07 °

659 102 37
                                    

ස්කෝලේ ඉවර වෙලා කෙලින්ම බස් එකට නැග්ගා..

" මේහ් ටේයා උඹ හෙට එනවද බං.."

" අනේ මන්දා ජිමිනා මටත් හිතාගන්න බෑ මොකක්ද කරන්නෙ කියලා..

" හැබැයි පුතේ උබ ආවේ නැත්නම් අරූ මෙතන අනික් පැත්ත හරවයි.."

" ආශ් මට තේරෙන්නෙ නෑ ජිමින්.. මං අයියගෙන් අහලා ඔයාට මැසේජ් එකක් දාන්නම්.."

" හරි හරි.. කැෆේ එක ළගින් බැහැලා යමන් හොදේ මොනාහරි කන්න ගන්න ඕනේ.."

මායි ජිමිනයි කැෆේ එක ළගින් බැහැලා බනිස් දෙකයි කිරිපැකට් දෙකයි අරගෙන කෙලින්ම ක්ලාස් එකට.

" බෑග් තියලා යමන් හෝල් එකට මේක අස්සෙ කන්න බෑ.."

එහෙම කියලා ආයෙම ජිමිනයි මායි හෝල් එක අස්සට රිංගුවා..

රෝල් එක කාලා කිරිපැකට් එක බිබී ඉන්න කොට මොකෙද්ද එකෙක් ඇවිල්ලා පාර්සල් එකක් දික් කලා..

ඔලුව උස්සලා බලද්දි ජන්කුක් යස්සයා..

" මොනාද මේ.."

" ඕක කාලා ඉන්න බෑනේ රෑ වෙනකම් ආ මේකත් කනවා.."

" නෑ ඕන්නෑ මට මේක කාලා ඉන්න පුළුවන් ඔයාම කන්න ඕක.."

" ආශ් තමුසෙගෙ හරි ලොකුකම නේහ් බබා ඉදහන්කො එහෙනම්.."

" ලොකුකම තමයි ඇයි මොකද.."

ජිමිනත් ඉන්නවා කියලා මේකට ගානක් නෑ බෙල්ල හරියට නැවිලා,

" මං උබේ ඔය ලොකුකම ගාණට බස්සලා ගන්නම්කො මැණිකේ.."

කියලා මට ඇහැකුත් ගහලා ගෙනව පාර්සලෙත් අරගෙන මෑන් හෝල් එකෙන් එළියට ගියා..

" අහ්ම්.. ටේ එහෙනම් අපි යමුද දැන් වෙලාව හරි.."

මෙච්චර වෙලා ඉදිය මනෝපාරින් එලියට ආවේ ජිමිනගෙ සද්දෙට..

දෙන්නත් එක්ක කිරි පැකට් කොල දෙකත් කුණු එකට දාලා අනික් හෝල් එකට යනකොට ජන්කුක්ගෙ බෑග් එක තියෙනවා මගෙ එහාපැත්තේ..

" ටේ අරූ අදත් බෑග් එක තියලා නේ.. මටනම් තේරෙන්නෙ නෑ ඌ උබත් එක්ක මොකක්ද නටන්න හදන වන්නම කියලා.."

" හ්ම්ම් බලමුකෝ ජිමිනා.."

" උබට අසනීපයක්ද බං මොකෝ අව්ලෙන්.."

𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓ Where stories live. Discover now