"නෑ, අතුරුදහන් වුණා.කැප්ටන් එදා රැයින් පස්සෙ අතුරුදහන් වුණා.පත්තරවල,දැන්වීම් පත්‍රිකා,පෝස්ටර් වල ඒ කාලේ ප්‍රසිද්ධම මාතෘකාව වුණේ ඒක.කැප්ටන් ගේ අතුරුදහන් වීම ප්‍රසිද්ධ පුවතක් වෙද්දි අප්‍රසිද්ධ රහසක් වෙලා පොළොවට පස් වුණු තවත් රහසක් තිබ්බා අපි කීප දෙනෙකුට විතරක් දැනුනු.කැප්ටන් එක්කම ගුකීත් අතුරුදහන් වෙලා තිබ්බා.මොකද කැප්ටන් මිලට ගත්තු ගෙදරම තමයි ගුකීත් හිටියෙ කියලා අපි කීප දෙනෙක් දැනගෙන හිටියා.කැප්ටන් හැම රෑකම කඳවුරෙන් හොරෙන් පිටවෙලා ගිහින් උදේම කඳවුරට එන එකට හේතුව අපි කීපදෙනෙක් දැනන් හිටියා."
හියුන්සික් කිව්වේ ඉකි ගහන ගමන්.
ජින් වගේම ජිමින් නැගිටලා ඇවිත් සෝජුන්ව වගේම හියුන්සික්වත් සනසන්න උත්සාහ කළා.එවෙලෙ ජිමින් කල්පනා කළේ එකම එක දෙයයි.
"එතකොට හියුන්ග් මට කියල දුන්නු කතා ඇත්ත ඒවද?"
"එතකොට ඇයි මේ කැප්ටන් දේශද්‍රෝහියෙක්දකියල අහල තියෙන්නෙ?"
නැම්ජූන් ඇහුවේ හියුන්සික්ගෙ අතේ තිබුණු තිබුනු පොඩි පත්තර කෑල්ලක් දිහා බලලා.
"මොකද එදා කැප්ටන් අතුරුදහන් වුනේ තනියම නෙවෙයි...."
සෝජුන් තමන්ගේ හඬ අවදි කළ.
"එහෙනම්?"
"කැප්ටන් එක්කම අතුරුදහන් වුණා සැලසුම් වගයක්. අත්‍යවශ්‍යම සැලසුම් වගයක්.ඩේගු ප්‍රදේශයට අදාලව හදපු වටිනා යුද සැලසුම් වගයක්.මොකද අපේ කදවුර තිබේ වැදගත් ස්ථානයක."
YOU ARE READING
For My Soulful Love ❤️🥀 (On Hold)
Fanfiction"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......." "මම බොලද නෑ Euphoria.................." "කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම් පොඩි කොල්ලෙක් එක්ක මෙහෙම හුරතල් වෙනවා ඇති කියලා" "ඒ හැමදේම ඔයා එක්ක විතරයි මගෙ Euphoria...