"හේයි හැන්සම්.."
කවුරු හරි මගෙ බෙල්ල පිටිපස්සෙනුත් අත ගාගෙන ඇවිත් බාර් කවුන්ටර් එක උඩ ඉඳගත්තා. මං ඒ දිහා බැලුවෙ බාගෙට වෙරි වුන ඇස් වලින්. කෙල්ලෙක් කියලා පේනවා. හැබැයි ඒකි හොඳ පාටක් පේන්නෙ නෑ. ඇඳුම ඉණේ ඉඳන් වියතක් ඇති. උඩ ටිකෙනුත් බාගයක් එළියෙ ඒකගෙ. මං කට කොණින් හිනාවක් දීලා ඒකිව ගණන් නොගෙන නට නට හිටිය අදීරලා කෝ කියලා ඇස් යැව්වා. ඒත් කොහෙද මේ ගෑණි බෙල්ලෙම එල්ලෙන්න එනවනෙ.
"යෝ හැන්සම් ලුකැට් මී බෙයිබ්.."
"ගෝ අවේ'.."
"ඔහ් ප්ලීස් බේබ් ලෙට්ස් හෑව් ෆන්.."
"....."
මේ ගෑණි ලෝක ඇණයක් වේගෙන එද්දි මම ඒකිව ගසලා දාලා එතනින් ඈත් වුනේ අතේ තිබුන වීදුරුවත් කටට හලාගන්න ගමන්. හැබැයි මට හිතුනා අද ටිකක් වැඩියි වැඩියි කියලා. මට වෙනදා ගන්න ප්‍රමාණය ගත්තට හිතන්න තිබුනා මේවා බ්‍රෑන්ඩඩ් කියලා යකූ. අපේ රටේ වගේද හිටු කියලා වදිනවා. දැන් ඔන්න මේ ඔනෙල්‍යට දෙක දෙක පේනවා. ඔව් අදීරලා දෙකෙක් ඉන්නවා.
"ෂෙනාරලා.....එකයි.. දෙකයි...උව් තුන් දෙනායි.."
"යකෝ.. භල්ලෝ උබ බිව්වද නෑවද? වැටෙයි යකෝ"
අදීර දුවලා ඇවිත් හරි කෙලින් ඇවිදින මාව අල්ලාගත්තා. කොහෙද ඉතින් මාව වැනෙන් නෑ මේ පොළව සුට්ටක් ඈදේට තමා ක්ලබ් එක හදපු පරයා හදලා තියෙන්නෙ.
"ආ... අදීරයා මගෙ එකා.. උබ බැන්දා පුතේ. උබ ද්දැන් සැමියෙක්. උබ ස් ස්වාබිපූෂයෙක්.. උබට මං දෙන්න ඕනි උපදෙස්. අහපන්.."
"ෂෙනූ මේකා බීලා වදින්නම. මේ ඔයා මෙහෙන් රූම්ස් ගත්තා නේහ්? කී එකක් ඉල්ලලා දෙන්නකෝ අක්කගෙන්."
"ආ ඉන්න ආදී.."
මං හිතුවෙ ඌට හොඳ ඇඩ්වයිස් ටිකක් දෙන්න හොඳම යාලුවා වශයෙන්. ඒත් කෝ මේකා ඒ අස්සෙත් රූම් යන්න කතා කරනවා.
"උබ පරයා. රූම් යන්න බෑ පුතේ.. බලපන් උබ බැන්ද්දා.. උබයි මමයි....බ්බ්බ්ම්..."
"අනේ කටවහපන් මැණික. බැන්ද දවසෙම ගෑණි මාව ඩිවෝස් කරයි වහුට්ටෝ. කට වහප්. "
VOCÊ ESTÁ LENDO
නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
Não Ficção❝ ﹏ මට මේක කියන්නකෝ අග්ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්ෂයා දිහා බලයිව...