"හපෝ නපුරු වඳුරා"
මම මටම මුමුණන් ටවල් එක තව තදින් ඇඳගත්තෙ මම කරපු දේ මට පළදෙයි කියලා හිතුන නිසා. ඒත් සම්පූර්ණයෙන්ම දොර ඇරියෙ නැති මම යන්තම් ඇරලා බෙල්ල විතරක් එලියට දැම්මෙ එයා ඉස්සරහට ෂර්ට් එකක්වත් නැතුව යන්න ලැජ්ජ හිතුන නිසා. අනික මේකා මාව ඊයෙ රෑ බතික් කරලා තාම ඒවා එහෙමමයි.
"මොකෝ? "
"මොකෝ?! මොකෝ අහන්නෙ එළියට එනවා. සීයප්පච්චි කතා කරනවා. දැනටමත් තමුන් මෙහෙ ගෙදර කරන්ද ඉන්නෙ ආහ්?"
"මේ...." මම කියන්න දෙයක් නැති නිසාම හිනාවක් දැම්මෙ මෙයාගෙන්වත් දැන් ඇඳුමක් ඉල්ලගන්න වෙන නිසා.
"......." එයා මං දිහා තියුණු ඇස් වලින් බලන් ඉන්නෙ පපුව උඩ අත් බැඳගෙන. හම්මේ මේකගෙ තියන නපුරුකම. කිසිම කෙනෙක් ගණන් ගන්න පාටක් නෑ. පුදුමයක් නෑ වළව්කාර වංශවත් අයනෙ.
"ඇඳුමක්..."
"ඉතින්? "
" ඇඳුමක් නෑනෙ අඳින්න. ඔහේගෙ එකක් ගෙනත් දෙනෝකො."
මම කිව්වෙ තියන හුරතල් කියන බැල්මක් දාලා. සාමාන්‍යයෙන් ඔය බැල්මට ආච්චිම්මව අන්දන්න පුලුවන් කියලා මං අද්දැකීමෙන් දන්නවා.
"ඉන්නවා."
එයා එහෙම කියලා යන්න ගියෙ මං දිහා ඇස් හීනි කරලා බලලා.මං කොච්චර හීතලේ හිටියත් එක අඩියක් ඉක්මන් කලේ නෑ නපුරු වඳුරා.ම්හුක්.
මම දොර වහලා දාලා එතනම ඒකට හේත්තු වෙලා එයා එනකන් බලන් හිටියා. විනාඩි පහකට විතර පස්සෙ දොරට තට්ටු කරපු සද්දෙට මම කලින් වගේම දොර ලාවට ඇරලා අත දික් කලේ එයා කියලා දන්න නිසා.
"දෙන්න."
"තමුසෙ මොකද දොර හරියට අරින්නෙ නැත්තෙ ආහ්? ඕක අරිනවා." එයාගෙ ගැඹුරු කටහඬ ඇහෙද්දි මම ලාවට ඔලුව දාලා හිනා වුනේ හොඳ බබෙක් වගේ.
"බෑ ඕක දෙන්න."
"කිව්වනෙ අරින්න." එයා ඇඳුම් ටික පිටිපස්සට කරන් ඒ ටික නොදී දොර අරින්නලු. මට ලැජ්ජාවටම කම්මුල් රෝස පාටට හැරෙයි ඒම වුනොත්. ඒ නිසා කීයට හරි ඇඳුම් ටික මෙහෙම දෙනකන් දොර අරින්නෙම නෑ කියලා මම තීරණය කලා.
ESTÁS LEYENDO
නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
No Ficción❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්ෂයා දිහා බලයිව...